Colombo Today Local News

‘‘ක්වාටස් එකක තියාගෙන මට ගැහුවා. මට වුණ දේ කාටවත් වෙන්න දෙන්න එපා‘‘ කොටදෙණියාවේ පාසල් සිසුවා මාධ්‍යයට කියයි.

6758-17-years-old-boy-speaks-after-release152555170රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාසල් ශිෂ්‍යයා හා අනෙක් සැකකරු සේයා සදෙව්මි දැරියගේ ඝාතනයට කිසිදු අයුරකින් සම්බන්ධ නැති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කරන බැවින් ඔවුන් දෙදෙනා මුදා හැරීමට නියෝග කරන බව මිනුවන්ගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඊයෙ නියෝග කළහ. කෙසේ නමුත් 17 හැවිරිදි සිසුවා නිදහස් වීමෙන් පසුව මව සමගින් ප්‍රථම වරට මාධ්‍යට අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ අත්අඩංගුවට පත් වු පසුව පොලීසිය තමන්ට පහර දුන් බවයි. එමෙන්ම නැවත නිවසට පැමිණීමට ලැබීම සතුටක් බවත් සිද්ධියෙන් තමන්ට ඇති වූ කළු පැල්ලම මකාගැනීමට හැකිවේයැයි තමන් නොසිතන බව ද ඔහුව පැවසූවා. එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසන්නේ තමන් ස්ථීර අධිෂ්ඨානයකින් ඉගෙනගෙන අනාගතයේ රටට වැඩදායි පුද්ගලයෙක් වීමට කටයුතු කරන බවයි. මේ අතර සිසුවාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින එම සිසුවා ඉගෙනගත් පාසලේ ආදි ශිෂ්‍යයන් සාමාජිකත්වය දරන නීතීඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මහත්වරු කරුණු දක්වමින්, මේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ දී කිසිදු නීතිමය පදනමක් අනුගමනය කර නැහැ. බැලූ බැල්මටත් අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනීමක් කරල තිබෙන බව පේනවා. මේ දෙදෙනා අත්අඩංගුවට ගැනීමේදී ඉදිරිපත් කරන තර්කද පරස්පරයි. පාසල් සිසුවාගේ පරිගණකයේ අසභ්‍ය දත්ත නිසා ගත් බවත් අනෙක් තැනැත්තාගේ හැසිරීම ගැන සලකා අත්අඩංගුවට ගත් බවත් කියනවා. මේ දෙදෙනාට කොටදෙණියාව පොලීසිය අත්අඩංගුවට ගෙන පහරදී තිබෙනවා. නිරුවත් කර ඔවුන්ගේ ඡායාරූප අරගෙන තියෙනවා. මම හිතන්නේ නෑ මේ අත්අඩංගුවට ගැනීම නීතියට ගරු කරන කිසිම කෙනෙක් අනුමත කරනවා කියලා. ළමයා අත්අඩංගුවට ගන්න පොලීසිය ක්‍රියාකළ ආකාරයත්, ඔහු නිදහස් කරන දවසේ පොලීසිය හැසිරීමත් පුදුම සහගතයි. යනුවෙන් ප්‍රකාශ කර සිටියහ. මේ අතර අදාල පාසල් සිසුවාට සහ අනෙක් පුද්ගලයාට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිටියදී පහර දී ඇති බව වෛද්‍ය නිගමනවලදී තහවුරු වුවහොත් පොලීසිය මට්ටමින් පරීක්ෂණයක් පවත්වන බව වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත ජයකොඩි මහතා ප්‍රකාශ කර සිටියහ. [/pullquote][/pullquote]

Related posts

රාජ්‍ය, නියෝජ්‍ය ඇමති ඔලු මාරුව සූදානම්.. මැති ඇමතීන් ජනාධිපති කාර්යාලයට එයි

colombotoday

වසර අවසාන වීමට පෙර රටේ නිල සංචිත ප්‍රමාණය අ. ඩොලර් බිලියන 03කට වඩා ඉහළට – ශ්‍රී ලංකා මහ බැංකුව

colombotoday

පාස්කු ප්‍රහාරකයා සතුව තිබූ ගම්මිරිස් ඉඩම

colombotoday

සර්ලා අපට දෙයක් කලොත් අපිත් ඉතින් බොක්කෙන්ම දෙනවා – රන්පදක්කම දිනා ගත් දිනේෂ් ඇමති නාමල්ට කියයි

colombotoday

රූපවාහිනියෙන් ආලින්දයට ආ සොදුරු හිතවතා, හේමනලින් කරුණාරත්න දිවි ගමන නිම කරයි

colombotoday

සාම සාකච්ඡා අසාර්ථකයි.. ජනපති – අගමැති විරසකය දුරදිග යයි.. සම්මුතිය කම්මුතුයි !!

colombotoday