Colombo Today Local News

ක්‍රෙඩිට් කාඩ්, රන් ණය පොලි අනුපාත පහතට

තමන් විසින් මේ දක්වා ගනු ලැබූ ලිහිල් මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හා සැසඳීයේ දී වෙළෙඳපොළ ණය පොලී අනුපාත පහළ යෑමේ වේගය පිළිබඳ ව සෑහීමට පත් විය නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එබැවින් ඊයේ (19)දින රැස් වූ මුදල් මණ්ඩලය ඒ පිළිබඳ ව යම් යම් තීරණ ගෙන තිබේ.

ඒ අනුව, ණය කාඩ් පත් සඳහා දැනට පවතින වාර්ෂික පොලී අනුපාතිකය අඩුකිරීමට උපදෙස් දීමට මුදල් මණ්ඩලය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

එහි උපරිම අගය 18% ක් දක්වා ඒ අනුව අඩුකිරීමට තීරණය කර තිබේ. මේ වන විට සමහර බැංකු ක්‍රෙඩිට් කාඩ් සඳහා 28%ක පොලීයක් අය කරනු ලබයි.

එසේම උගස් සඳහා වාර්ෂික පොලී අනුපාතය 10%ක් විය යුතු බව ද මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

Related posts

අද එන්නත් ලබා දෙන ස්ථාන මෙන්න

colombotoday

ළමා අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට යොමුකළ බඩල්කුඹුරේ තරුණයා අත්අඩංගුවට

colombotoday

ටෙලිකොම් – මොබිටෙල් මුල් පුටු මාරුවක්! ජනපති මල්ලී නැවතත් සභාපති. රෝසි‍ගේ පුතුත් අධ්‍යක්ෂ මණ්ඩලයට

colombotoday

බදියුදීන් ආණ්ඩුවට ආවොත් එලවනවා..- විමල් කියයි

colombotoday

ගෙවන්න ඩොලර් නැතිව තෙල් නැව් සති ගනන් අතරමග

colombotoday

අවුරුද්දකට ලුණු මිල අඩු වෙයි

colombotoday