රට වටා

ක්‍රීඩාවෙන් ජාතික තලයට ගිය වයඹ පළාත වර්තමානයේ පසුබැහැලා – පාලිත රංගේබණ්ඩාර

ක්‍රීඩාවෙන් ජාතික තලයේ දක්ෂතා දැක්වූ වයඹ පළාත මෑත කාලයේ කිසියම් පසුබැසීමකට ලක්ව තිබෙන බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. වොලිබෝල් ක්‍රීඩාවෙන් ජාතික තලය නියෝජනය කළ වැඩිම පිරිස පුත්තලම හා කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් බිහිවුවද වර්තමානයේ එවැනි තත්ත්වයක් දක්නට නොලැබීම කණගාටුවක කාරණයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ. එබැවින් මේ පිළිබඳ පුළුල්ව අවදානය යොමු කිරීම පාසල්වලටත් ක්‍රීඩා භාර නිලධාරීවරුන්ටත් පැවරෙන වගකීම බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

වෙන්නප්පුව, මැල්ලව ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකළ වොලිබෝල් ක්‍රීඩා පිටිය විවෘත කිරීම වෙනුවෙන් පසුගියදා (30) පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. පාසලට පමණක් සීමා නොවන පරිදි මෙම වොලිබෝල් ක්‍රීඩා පිටිය ඉදි කර තිබේ. බාහිර ක්‍රීඩකයින්ට, ක්‍රිඩා සමාජවලට පුහුණු වීම් සඳහා භාවිතයට ගැනීමටත් තරග පැවැත්වීමටත් යොදා ගත හැකි පරිදි මෙම වොලිබෝල් පිටිය ඉදිකර තිබේ.

මෙහිදී අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා කියා සිටියේ ජාතික මට්ටම නියෝජනය කිරීමට සමත්වන්නා වූ ක්‍රිකට් ක්‍රීඩකයෙකු පුත්තලම දිස්ත්‍රික්කයෙන් බිහි කිරීමත් වොලිබෝල් ක්‍රීඩාවේ පෙර පැවැති තත්ත්වය නැවත පුත්තලමට ලබා ගැනීමත්  සිය අරමුණ බවයි. එම අරමුණ ඉදිරි දෙවසර තුළ ජය ගැනීමට අපේක්ෂා කරන බවත්  ඒ වෙනුවෙන් ක්‍රීඩා භාර නිලධාරීන්, තරැණ සේවා නිලධාරීන්, යෞවන සමාජ, ක්‍රීඩා සමාජ හා පාසල් විදුහල්පතිවරුන් ඇතුළු බොහෝ දෙනෙකු සමග සාකච්ඡා කොට පැහැදිලි වැඩපිළිවෙලක් සකස් කිරීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

Related posts

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලයි

colombotoday

විදේශ කටයුතු අමාත්‍යංශයේ කාර්යාලයක් යාපනයට

colombotoday

එක්සත් ශ්‍රී ලංකාවක් තුල උතුරට විසදුම් ගේනවා – විපක්ෂ නායක ආර්.සම්බන්ධන්

colombotoday

මහජන බැංකුව තෛපොන්ගල් උත්සවය සමරයි

colombotoday

ගම්මන්පිලට දින 4 ක්‌ රට යන්න අධිකරණයෙන් අවසර

colombotoday

කුවේට්හි ශ්‍රී ලංකා ගෘහ සේවිකාවක් පහරකෑමට ලක්වේ

colombotoday