Colombo Today Local NewsUncategorized

ඒකාබද්ධ විපක්ෂයේ රැලියට සන්ධාන මන්ත්‍රීවරු 32 ක්

DSC_6453‘දෙමුහුන් යුද අපරාධ අධිකරණ මෙහෙයුමට එරෙහි වෙමු’ මැයෙන් ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේ දී (19දා) සවස පැවැත්වූ ජන රැලියට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 32 දෙනෙක් සහභාගී වී සිටියහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, දේශවිමුක්ති ජනතා පක්ෂය, පිවිතුරු හෙළ උරුමය ඇතුළු පක්ෂ ගණනාවක් මෙම අවස්ථාව නියෝජනය කළේය.

වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ඩිව් ගුණසේකර, දිනේෂ් ගුණවර්ධන, තිස්ස විතාරණ, ජී.එල්. පීරිස් යන මහත්වරු මෙහිදී සභාව ඇමතූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම, ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන, විදුර වික්‍රමනායක, ප්‍රසන්න රණතුංග, සාලින්ද දිසානායක, ගාමිණී ලොකුගේ, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

Related posts

මේ නපුංසක පාලනයෙන් රට බේරාගන්න.. බඩ ගැන නොසිතා, රට ගැන සිතා එක්වෙන්න දැන් වෙලාවයි – ඥාණසාර හිමි

colombotoday

ආංශික අධීක්ෂණ කාරක සභා මන්ත්‍රී නාමලේඛනය මැතිසබයට

Admin

2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද

colombotoday

මහා පරිමාණ දූෂණ 4ක් වහන්න විගණකාධිපතිට බලපෑම්.. බෑ කිව්වාට මාස 14කින් පඩි ගෙවා නෑ

colombotoday

මාලිමා ලයිස්තුවල පවුල් පාලනේ පිරිලා

Admin

මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීමට යයි ?

colombotoday