Colombo Today Local News

එන පොට හරි නෑ.. යනඑන මං නෑ.. ෆොන්සේකා අලියාටම හේත්තු වෙයි

sarath fonsekaෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ‘ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය’ එක්සත් ජාතික පක්ෂය හා සන්ධාගතවීමට තීරණය කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් මෙම තීරණයට එළඹ ඇති අතර ඒ සම්බන්ධයෙන් පක්ෂ දෙකෙහි නායකයින් පසුගිය මාස කිහිපයෙහි සාකච්ජා වට කිහිපයක් පවත්වා නිශ්චිත එකඟත්වයකට පැමිණ තිබේ.

ඒ අනුව අදාල අවබෝධතා ගිවිසුම මෙම මස අගදී අත්සන් කිරීමට නියමිතය.

මේ අතර, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන ඇමතිවරයාගේ අභාවයෙන් පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට සරත් ෆොන්සේකා මහතා පත්කිරීම සම්බන්ධයෙන් ඔහුගේ නියෝජිතයෙක් හා එජාප නායකයින් අතර සාකච්ජාවක් ආරම්භවී ඇතැයි ද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

Related posts

ආණ්ඩුවේ වියදමින් හරක් කටාට පත්තර!

Admin

ජනාධිපති කාර්ය මණ්ඩලයට තවත් පිරිසක් බඳවා ගනී

Admin

ඇමතිලාට විෂයන් බෙදයි.. ගැසට් නිවේදන මෙන්න..

colombotoday

හිටපු ජනපති මහින්දගේ උපන් දිනය දා නව පක්ෂය බිහිවෙයි ! නව සාමාජිකයන් දස ලක්ෂයක් සමග අලුත් ගමනක්

colombotoday

ඩොලරය තව නගී.. 2016 දි රුපියල මස්තබාල්දු වෙලා.. මහබැංකු වාර්තා කියයි

colombotoday

ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදල පිළිබඳ විගණනයක් අරඹයි

colombotoday