Colombo Today Local News

උසස් පෙළ ගිණුම්කරණයට සාමාන්‍ය ගණක යන්ත්‍ර භාවිතයට අවසර

මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයේ හෙට (31)දින පෙරවරුවේ පැවැත්වීමට නියමිත ගිණුම්කරණය විෂය සඳහා පෙනී සිටින සිසුන්ට මේ වසරේ සිට අතිරේක පහසුකමක් ලෙස, සාමාන්‍ය ගණක යන්ත්‍ර (කැල්කියුලේටර්) භාවිතයට අවසර ලබාදී ඇති බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පැවසීය.

මෙහිදී භාවිතා කළ හැක්කේ වැඩසටහන් සැලසුම් කළ නොහැකි සාමාන්‍ය ගණක යන්ත්‍ර බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

මෙම විෂය සදහා සිසුන්ට ගණක යන්ත්‍ර භාවිතයට අවසර දීම සම්බන්ධයෙන් විභාග ශාලාධිපතිවරුන්ට කිසියම් ගැටලුවක් වෙතොත් විභාග දෙපාර්තමේන්තුවෙන් විමසීම් කළ හැකි බව ද කොමසාරිස් ජනරාල්වරයා කීවේය.

මෙවර උසස් පෙළ විභාගය ඔක්තෝබර් 12 වැනිදා ආරම්භ වූ අතර එය නොවැම්බර් 6 වන දා තෙක් පැවැත්වෙන බවත්, ඉදිරි දින කිහිපයේ දී තවත් විෂයන් 13 ක් පැවැත්වීමට නියමිත බවත් සනත් පූජිත මහතා සඳහන් කළේය.

නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයන්හි ද විභාග මද්‍යස්ථාන 638 ක් ක්‍රියාත්මක බව කී කොමසාරිස්වරයා එම මධ්‍යස්ථාන ඇතුළු දිවයිනේ සියලුම විභාග මධ්‍යස්ථාන සඳහා සිසුන්ට ප්‍රවාහන පහසුකම් සලසාදීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරන බවද ඔහු පැවසීය.

විභාග අපේක්ෂකයන් කල් වේලා ඇතුව විභාග මධ්‍යස්ථාන වෙත යොමු කිරීම කෙරෙහි සැලකිලිමත් වන ලෙස දෙමව්පියන්ට ද දැනුම් දී ඇතැයි ද කොමසාරිස්වරයා සඳහන් කළේය.

Related posts

“අප දරුවන් තැනිය යුත්තේ එක එකාට පෞද්ගලික ආතල් ගැනීම පිණිසද” – මහඇමතිගේ මගුල් සාරි නාඩගම ගැන සැර කතාවක්

colombotoday

ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන අභාවප්‍රාප්ත වෙයි

Admin

“චීනයට තව අක්කර 1000ක් දෙනවා.. රට දියුණු කරන්න පෝට් සිටිය නැතිවම බෑ” – අගමැති

colombotoday

මන්නාරම හුනයිස් නගර් වෙරළෙන් හෂීස් කිලෝවක් හමුවෙයි…

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව : පීඩාවට පත් ධීවරයින්ට වන්දි දෙන්න මිලියන 420 ක් වෙන් කරයි

colombotoday

ඉදිරියේදී ද ජනප්‍රිය නොවන තීන්දු තීරණ රැසකට එළැඹීමට සිදුවනවා

colombotoday