ඉරානයේ ටෙහෙරාන් නුවර වෛද්‍ය සායනයක් තුළ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබේ.
ගෑස් කාන්දුවක් හේතුවෙන් අදාළ පිපිරීම සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
පිපිරිම හේතුවෙන් මියගිය පුද්ගලයින් ගණන තවදුරටත් ඉහළ යා හැකි බව වාර්තා වේ.
මියගිය පුද්ගලයින් අතර වැඩි පිරිසක් කාන්තාවන් බව සඳහන් වේ.