ඉංගිරිය පොලිස් වසමේ පහළ ඌරුගල ප්රදේශයේ දී යකඩ පොල්ලකින් පහරදීම හේතුවේ පුද්ගලයෙකු මිය ගොස් ඇත.
පුද්ගලික ආරවුලක් පහරදීමට හේතු වී ඇති බව අනාවරණය වී තිබේ.
මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 54ක් වු ඉංගිරියේ පදිංචිකරුවෙකි.
පශ්චාත් මරණ පරීක්ෂණය අද (25)දින සිදුකිරීමට නියමිත අතර සිද්ධියට සම්බන්ධ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.