Colombo Today Local News

ඇවන් ගාඩ් නෞකාව අත්අඩංගුවට ගත් නාවික හමුදාවේ විශ්‍රාමික රියර් අද්මිරාල් නිලන්ත හීනටිගල සාක්ෂි දෙයි

ගාලු වරාය ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ඇවන් ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව කොළඹ මහාධිකරණය හමුවේ අද (08) දිනයළි විභාගයට ගනු ලැබීය.

ධම්මික ගනේපොල, ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත් වේ.

මෙහිදී මෙම නඩුවට පාදකවන ඇවන්ගාඩ් නෞකාව අත්අඩංගුවට ගනු ලැබූ නාවික හමුදා විශ්‍රාමික රියර් අද්මිරාල් නිලන්ත හීනටිගල මහතාගෙන් විත්තියේ නීතිඥවරු විසින් තවදුරටත් හරස් ප්‍රශ්න විමසීම සිදුකර තිබේ.

මෙහිදී සාක්ෂිකරු සඳහන් කළේ, ඇවන් ගාඩ් සමාගම සහ නාවික හමුදාව අතර කිසියම් වාණිජ ගිවිසුමක් පැවති බව තමන් පසුව දැන ගත් බවය.

ඇවන් ගාඩ් නෞකාව අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථා වන විට තමන් එවැන්නක් නොදැන සිටි බව සඳහන් කළ සාක්ෂිකරු තමා අදාළ නෞකාව අත්අඩංගුවට ගනු ලැබූවේ නාවික හමුදාපතිවරයා දුන් විධානයකට අනුව බව සඳහන් කර සිටියේය.

මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මතා ප්‍රශ්නයක් මතු කරමින් අත්අඩංගුවට ගනු ලැබූ ඇවන් ගාඩ් නෞකාවට එහි අන්තර්ගත අවි ආයුධ ද සමග ගාලු වරායට සේන්දු වීමට අවසර දෙමින් එවක ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි විසින් ලිපියක් නිකුත් කර තිබිය දී එය නිදහස් කිරීමට පියවර නොගත්තේ ඇයි දැයි විමසා සිටියේය.

එවිට සාක්ෂිකරු සඳහන් කර සිටියේ එවැනි ලිපියක් තමාට නොලැබුණු බවත් එවැන්නක් ලැබි තිබුණේ නාවික හමුදාපතිවරයාට බවට තමන් දැන ගත් බවය.

ආරක්ෂක අමාත්‍යාංශය ලැබුණු බව සඳහන් එම ලිපියේ කිසියම් අඩුපාඩු පැවැති හෙයින් ඒ සම්බන්ධයෙන්
පියවරක් නොගැනුණු බව සාක්ෂිකරු සඳහන් කර සිටියේය.

2012 වසරේ ගාලු වරායට ආසන්න බේරුවල මුහුදු තීරයේ එම්.වී. ඇවන් ගාඩ් නැමැති නෞකාව තුළ බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස ගිනිඅවි 816 ක් සහ උණ්ඩ 203395 ක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් අට දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම චෝදනා 19 ඉදිරිපත් කර තිබේ.

වැඩිදුර සාක්ෂි විභාගය හෙට (09) දින දක්වා කල් තැබුණි.

Related posts

විගණකාධිපති වාර්තාව ගැන සැකයි.. දේශපාලන හස්ථයක් පිටුපසින්.. නැතිනම් වාර්තාව මීට වෙනස්

colombotoday

මීළග අගමැතිත්, කැබිනට් මණ්ඩලයත් තෝරන්නේ ජනපති මෛත්‍රීයි !

colombotoday

අවිස්සාවේල්ල මැතිවරණ බලප්‍රදේශයේ සියලු පාසල් හා රාජ්‍යාතන හෙට වැසේ

colombotoday

සැමන් කනවානම් ප්‍රවේශමෙන්.. අලුත්ම ජාවාරමක් ගැන තොරතුරු හෙළිවෙයි

colombotoday

ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ උතුම් බිනර පෝය අදයි

colombotoday

එප්පාවල පෙම්වතියගේ නිවසට පැමිණි නාවික සෙබළාට කොවිඩ්

colombotoday