Colombo Today Local News

ඇමතිවරු 20ක් අද දිවුරුම් දෙයි…

සකස් කර අවසන් වී ඇති කැබිනට් මණ්ඩලය පිලිබඳ ලේඛනය අද පෙරවරුවේ අගමැතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත භාරදී ඇති  බව එක්සත් ජාතික පෙරමුණ පවසනවා. 

 එම පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම ඊයේ පස්වරුවේදීත් අරලියගහ මන්දිරයේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ජා කළ බවයි කරුණාරත්න පරණවිතාන මන්ත්‍රීවරයා කියා සිටියේ.  ඒ අනුව අද දිනයේදී අග්‍රාමාත්‍යවරයා විසින් එම ලැයිස්තුව ජනාධිපතිවරයා වෙත යොමුකළ බව සඳහන්. මේ අතර කැබිනට් මණ්ඩලය අමාත්‍ය ධූර 30කට සිමා වීම හේතුවෙන් හිටපු අමාත්‍යවරු කිහිපදෙනෙකුම ස්වෙච්චාවෙන් එම ධූරයන් ප්‍රතික්ෂේප කර තිබෙනවා. 

හිටපු අමාත්‍යවරුන් වන මනෝ ගනේෂන් , රිෂාඞ් බදියුදීන් , මලික් සමරවික්‍රම යන මහත්වරුන්ට අමතරව තිලක් මාරපන සහ ඩී.එම්.ස්වාමීනාදන් යන හිටපු අමාත්‍යවරුන්ද  එලෙස ස්වෙච්චාවෙන්ම  අමාත්‍ය ධූර ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ. 

කෙසේ වෙතත් කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් 20 දෙනෙකු අද දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම්දීමට නියමිත බව දඳහන්. මේ අතර අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා කියා සිටියේ කැබිනට් මණ්ඩලයෙන් කොටසක් පමණක් අද දිනයේ දිවුරුම් දීමට නියමිත බවයි.

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් රජයට එක් වූ මන්ත්‍රීවරුන්ට අමාත්‍ය ධුර ලබා නොදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා.  ඊයේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළ බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා කියා සිටියේ.

Related posts

උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ ළමා ශ්‍රමිකයන් ඉහළ යාමේ අවදානමක්

Admin

“බලවතුන්ගේ දුරකතන ඇමතුම්වලට යටවී ලොකු කුඩුකාරයන් නිදහස් කරන්නැ..”

Admin

අදත් තැනින් තැන වැසි

colombotoday

ඔස්ට්‍රේලියාවේ ලාංකිකයින් හමුවූ ජනපති.

Admin

ටින් මාළු – පරිප්පු වැඩි මිලට අලෙවි කළ වෙළඳුන් 33 කට වැඩවරදී

colombotoday

දකුණේ හා බස්නාහිර කුළී මිනීමරුවන් මඩින්න පොලිස් ඇමතිගෙන් උපදෙස්

Admin