World

අලුත් කොරෝනා වෛරස ප්‍රභේදයක් මුගටින්ගේ සිරුරේ | ඩෙන්මාර්ක් මිනිසුන් 12කට දැනටමත් ආසාදනය වෙලා

ඩෙන්මාර්කයේ එක්තරා මුගටි වර්ගයක මිලියන 17ක් පමණ මරා දැමීමට බලධාරීන් තීරණය කර ඇති බව වාර්තා වේ. ලොම් ලබා ගැනීම සඳහා ඇති කරනු ලබන මෙම මුගටින් සිටින ගොවිපළ විශාල ගණනක් ඩෙන්මාර්කය තුළ පිහිටා තිබේ.

මෙම මුගටින් මෙතරම් විශාල සංඛ්‍යාවක් මරා දැමීමට තීරණය කර ඇත්තේ මිනිසුන්ට ආසාදනය විය හැකි අලුත් කොරෝනා වෛරස ප්‍රභේදයක් ඔවුන් තුළ තිබී සොයා ගැනීම නිසාය.

ඩෙන්මාර්කය මෙම මුගටි ලොම් නිෂ්පාදනය කරන රටවල් අතර ඉහළින්ම සිටින රට ලෙස සැලකෙන අතර ඉහත කී තීරණය නිසා මෙම කර්මාන්තයට විශාල පහරක් වදිනු ඇත. කෙසේ වෙතත් ඩෙන්මාර්ක පොලිසිය පවසා ඇත්තේ මෙම සතුන් මරා දැමීම හැකි ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතුව ඇති බවයි. ඉදිරියේ දී කොරෝනා වෛරසයට එරෙහිව භාවිත කෙරෙන එන්නතක ඵලදායී බව අඩු කිරීමටද මෙම නව වෛරස ප්‍රභේදයට හැකි වනු ඇතැයි විශේෂඥයන් අනතුරු අඟවා තිබේ. මේ වනවිටත් ඩෙන්මාර්කයේ මිනිසුන් 12 දෙනෙකුට මෙම වෛරස ප්‍රභේදය ආසාදනය වී ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි. එරට අගමැතිනි මෙටේ ෆ්‍රෙඩ්රික්සන් පවසා ඇත්තේ මෙය ඉතා බරපතළ තත්ත්වයක් මතු කර ඇති බවයි. මෙම වෛරස ප්‍රභේදය ඩෙන්මාර්කය තුළ පමණක් නොව ලෝකයේ සෙසු රටවලද පැතිරීම වැළැක්වීමේ වගකීම ඩෙන්මාර්කය සතු බවද ඇය තවදුරටත් සඳහන් කර තිබුණාය. මෙම මුගටින් ඇති කරන ගොවිපළ 1,000ක පමණ සිටින සතුන් මරා දමනු ඇතැයිද, එය ඉතා දැවැන්ත කටයුත්තක් වනු ඇතැයිද එරට පොලිසිය පවසා තිබේ. මෙයට මාස කිහිපයකට පෙර ස්පාඤ්ඤයේද, නෙදර්ලන්තයේද මුගටින් සම්බන්ධයෙන් මෙවැනිම ක්‍රියාමාර්ග ගැනීමට සිදු ව තිබිණි.

Related posts

ට්‍රම්ප්ගේ විධායක නියෝගයට අධිකරණයෙන් තවත් බාල්දියක්

colombotoday

ලොව පළමු වරට අභ්‍යවකාශ යානයක් සූර්යයාගේ වායු කලාපයට ඇතුළු වෙයි (වීඩියෝ)

colombotoday

හිරු ගවේෂණයට යන ‘ආධිත්‍යා එල්.1’ රොබෝ යානය සෙල්ෆි ගහලා

Admin

ජස්ප්‍රිට් බුම්‍රාගේ ලෝක වාර්තාව

Admin

ලොව විශාලතම මගී නෞකාව ඉදිකර අවසන්

Admin

වයස 16ට අඩුනම් මින්පසු වට්ස් ඇප් බෑ

colombotoday