Colombo Today Local News

අර්ජුන මහේන්ද්‍රන්ගේ ‍තවත් ගැහිල්ලක් හෙළිවෙයි. BOI සභාපතිව සිටිය දී මිලියන ගණන් යටිමඩ ගහලා

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා, ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාව සිටිය දී, කිසිදු වගවීමකින් තොරව රුපියල් මිලියන ගණනින් මුදල් ලබා ගෙන ඇතැයි වාර්තා වේ. පසුගිය දා කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේ පැවති Fireside Chat ව්‍යාපාරික නායකයින්ගේ සංවාදාත්මක සන්ධ්‍යාවට එක්වෙමින් මෙරට ජ්‍යෙෂ්ඨ ව්‍යාපාරික නායකයෙකු වන හැරී ජයවර්ධන මහතා මේ බව හෙළි කළේය.

කෙසේ වෙතත් මෙම සංවාදයේ දී හිටපු මහ බැංකු අධිපතිවරයාගේ නාමය සෘජුව හෙළි නොකිරීමට හැරී ජයවර්ධන මහතා ප්‍රවේශම් විය.

මෙහිදී අදහස් දක්වමින් හැරී ජයවර්ධන මහතා මෙසේ පැවසීය.

“අපිට බැඳුම්කර කොමිසමක් තිබ්බා. මොකද වුණේ. මිනිස්සු රටෙත් නැහැ“

“ඒ මහත්තයාට පස්සේ ආයෝජන මණ්ඩලයේ (BOI) සභාපතිවරයා වුණේ මම. මම එහෙට ගිය මුල්ම දවසේ, මුළු වෘත්තීය සමිතියම එක හඬින් මට මෙහෙම කිව්වා. සර්, මෙතන තත්ත්වේ නරක අතට හැරිලා තියෙන්නේ. අපේ සභාපතිතුමා හැම සතියේම, මිලියන ගණන් සල්ලි අරන් යනවා, ආයෝජන ප්‍රවර්ධන වැඩසටහන්වලට කියලා.“

“එවකට මගේ ඇමතිවරයා වුණේ දිවංගත අනුර බණ්ඩාරනායක මහත්මයා. ඔහු මගෙන් ඇහුවේ, ඇති වෙලා තිබෙන තත්ත්වය පිළිබඳව. මම මොකද කරන්නේ, ලිඛිතව දැනුම් දුන්නා“

“රටේ කුඩා ආයෝජන සංවිධානයක්වත් කළමනාකරණය කර ගන්න බැරි වුණු මේ මනුස්සයාට, මුළු රටේම භාණ්ඩාගාරය භාර දුන්නා“

“මේවාට කවුද ගෙවන්නේ. වගකිව යුත්තන්ට මම මේ බව කියලා තියෙනවා. අන්තිමට ඊටත් වඩා ලොකු විනාශයක් කරලා තියෙන්නේ.“

“දැන් එයාට මෙහෙ එන්න පුළුවන් කමකුත් නැහැ. එන්න කියන්නේත් නැහැ.“

“මේ තමයි අපි කරපු වැරදිවලින් ඉගෙන ගන්න ඕන පාඩම්“

මෙම සම්පූර්ණ වීඩියෝව පහතින් දැක්වේ.

biz.adaderana

Related posts

යූරියා පොහොර නැවක් ලබන සතියේ දිවයිනට..

Admin

TVS ලංකා සම්පූර්ණයෙන්ම ඉන්දියාව අයිතිකරගනී…

colombotoday

2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද

colombotoday

සජිත්ට එජාපයෙන් කොළ එළියක් ඒත් සජිත් පස්ස ගහයි

Admin

තහනම පුස්සක් වෙයි.. සියළු මන්ත්‍රීන් තීරබදු රහිත වාහන බලපත් අරන්

colombotoday

ජනවරමක් නැති ආණ්ඩුවක කැබිනට් ඇමතිකමක් ගන්නේ නෑ

Admin