Colombo Today Local News

අඟුලාන උණුසුම් වෙයි.. ධීවර ඝාතන පරීක්ෂණ CIDයට

අඟුලාන පොලීසිය ඉදිරිපිට කලහකාරී ලෙස හැසුරුණු 6 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න පැවසුවේ අත්අඩංගුවට ගත් තිදෙනෙක් කාන්තාවන් බවය.

අඟුලාන පොලිස් ස්ථානයට විරෝධතාකරුවන් පිරිසක් අද පස්වරුවේ ගල් මුල් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ පිරිස පාලනය කිරීම සඳහා පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.

පොලිස් වෙඩි පහරකින් ධීවරයෙකු මිය යෑමේ සිද්ධියට අදාළ සාක්ෂිකරුවන් දෙදෙනා උසාවි යාමට පෙර පොලීසිය ඔවුන්ව රැගෙන යෑම පිළිබඳ ව විරෝධය පළ කරමින් මිය ගිය පුද්ගලයාගේ ඥාතීන් සහ අඟුලාන ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මෙලෙස නොසන්සුන්කාරී ලෙස හැසිරී තිබේ.

ඉකුත් ජූලි 10 වැනිදා මොරටුව ලුනාව ප්‍රදේශයේ යොදා තිබූ මාර්ග බාධකයක් අසළ දී අඟුලාන පොලීසියේ නිලධාරීන් විසින් පුද්ගලයකුට වෙඩිතැබීමෙන් එම පුද්ගලයා මිය ගිය අතර ඒ අනුව පොලිස් නිලධාරින් තිදෙනාගේ වැඩ තහනම් කර විමර්ශනයක්ද ආරම්භ කෙරුණි.

එලෙස මිය ගියේ ලුනාව පදිංචි 39 හැවිරිදි ධීවරයෙකි.

සිද්ධියට අදාළ නඩුව මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (16)දින කැඳවීමට නියමිත තිබුණි.

එහෙත් අද උදෑසන 5 ට පමණ පැමිණි පොලිස් නිලධාරින් පිරිසක් ධීවරයා මිය යාමේ සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනාව ජීප් රථයකින් රැගෙන ගොස් තිබේ..

පොලිස් නිලධාරින් විසින් ගල්කිස්ස සහ මොරටුමුල්ල පොලිස් ස්ථාන වෙත රැගෙන ගොස් තිබූ එම සාක්ෂිකරුවන් දෙදෙනා පසුව අඟුලාන පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් තිබූ බව ගම්වාසීන් පවසයි.

අනතුරුව, ප්‍රදේශවාසීන් විශාල පිරිසක් යළිත් අද පස්වරු 3ට පමණ අඟුලාන පොලීසිය ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරත විය.

එහිදී කලහකාරී ලෙස හැසිරුණ විරෝධතාකරුවන් පොලිස් ස්ථානය දෙසට ගල් මුල් ප්‍රහාරද එල්ල කළේය.

තත්ත්වය පාලනය කිරීමට විශේෂ කාර්ය බළකාය සහ පොලිස් කැරලි මර්දන ඒකකද එම ප්‍රදේශයට කැඳවා තිබේ.

මේ අතර මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ නඩුව මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී අධිකරණය අසළ විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණි.

දෙපාර්ශ්වයම අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබූ අතර, ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙහි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමටත් නඩුව ජූලි 30 වැනිදා දක්වා යළි කැඳවීමට මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Related posts

ප්‍රධාන රෝහල් රැසක කණිෂ්ඨ සේවකයින් පැය 4ක් වර්ජනයක

colombotoday

රාජ්‍ය මාධ්‍යයෙන් ඉස්ලාම් අන්තවාදය වපුරන බව ඇමතිත් පිළිගනී !

colombotoday

කොරෝනා මරණ භුමිදානයට එරෙහිව අධිකරණයේ පෙනී සිටියැයි හකීම්ගේ නීතිඥ බෑනාට මුස්ලිම් ජාතිකයන්ගෙන් විවේචන.

colombotoday

රත්තරන් මිල ඉහළට

Admin

මට බෝම්බ ගහපු මොරිස් හිරේ ඉදන් call කරනවා. – සරත් ෆොන්සේකා කියයි

colombotoday

රිෂාඩ් බදුර්දීන් නිර්දෝශි ලු. බිරිඳගේ නමින් ජනපතිට ලිපියක්. | එලියට ගැනීමේ තුරුම්පු එකින් එක අදියි.

colombotoday