අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් වෙඩි නොවදින මෝටර් රථය කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
කොළඹ අගරදගුරු නිල නිවසේ අද (30) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එතුමන් කියාසිටියේ තමන්ට මෙම අවස්ථාවේ වැදගත් වන්නේ රටේ ජනතාවගේ ආරක්ෂාව බවයි.
රටේ පවතින තත්ත්වය පිළිබද තමන් සෑහීමකට පත් නොවන බවයි උන්වහන්සේ අද යළි අවධාරණය කළේ.