Colombo Today Local News

ෆෙඩරල් ව්‍යවස්ථාව හදන්න මහින්දත් අපිත් එක්ක එකතුවිය යුතුයි…

ගෙන ඒමට නියමිත ව්‍යවස්ථාව ෆෙඩරල් ලක්ෂණ සහිත එකක් බවත් එය සකස් කිරීම සදහා මහින්ද රාජපක්ෂ මහතාටද ආරාධන කරන බවත් ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

යාපනයේදී පැවති උත්සවයක් අමතමින් හෙතෙම මේ බව කියා සිිටියේ ය.

“පළාත් සභාවට ලබාදෙන බලතල නැවැත පවරා ගත නොහැකි විය යුතුයි. පළාත් සභාවලට ලබාදී ඇති යම් බලතලයක් වෙනුවෙන් මධ්‍යම ආණ්ඩුවට නීති පැනවිය නොහැකි විය යුතුයි. අපගේ ස්ථාවරයේ මෙම කරුණු දෙකම සඳහන් වෙනවා. ඒ නිසයි එහි ෆෙඩරල් ලක්ෂණ තිබෙන බව අප කියන්නේ.“

“රනිල් වික්‍රමසිංහ මහතා මෙම ව්‍යවස්ථාවේ ඒකීය බව පාර්ලිමේන්තුවේ සඳහන් කර තිබෙනවා. නමුත් එය ඇතැම් සිංහල මාධ්‍ය ඕනෑකමින්ම වැරැදි ලෙස වාර්තා කොට තිබෙනවා. එවැනි ගති තිබෙන්නේ රාජපක්ෂ කණ්ඩායමටයි. ඔවුන්ට යම් බියක් තිබෙනවා මෙම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන එනු ඇති බවට.”

“පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ මධ්‍යම ආණ්ඩුවට, පළාත් සභාවට හා පොදු යන විෂයයන්වල බලතල සීමා මොනවාද කියා දක්වා නැහැ. එම සීමා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ ඉදිරිපත් කෙරුණු සර්ව පාක්ෂික සමුළුවේ යෝජනා මුළුමනින්ම පිළිගන්න අප සූදානම්. ඒ නිසා අපි මහින්ද රාජපක්ෂ මහතාට ගෞරවයෙන් ආරාධනා කරනවා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරන්න සහභාගි වෙන්න කියලා.”

Related posts

145 මට්ටක්කුලිය – සීමා මාලකය බස්රථ සේවකයින් වර්ජනයක්

Admin

පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂාවට සිවිල් ආරක්ෂක බළකායේ 1200ක්

colombotoday

“ජනතාව ඉල්ලනවනම් මම දේශපාලනයට එන්න සූදානම්” [Video]

colombotoday

හද කම්පා කරවන දෙවනගල මුස්ලිම් ආක්‍රමණය

colombotoday

ආණ්ඩුව සෑම දවසක් ගානේ රුපියල් මිලියන 3390 ක් ලෝකෙට ණය වෙයි..! අලුත්ම වාර්තාව මෙන්න

colombotoday

ගෝඨාභය රාජපක්ෂ ජනපතිගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් නිවේදනය කරයි

colombotoday