Colombo Today Local News

හෙට සිට ඇඳිරිනීතිය දහවල් කාලයේදී ඉවත් කෙරේ. නවතම නිවේදනය මෙන්න

හෙට, 26 අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 10.00 සිට අළුයම 4.00 දක්වාය.

ඇඳිරි නීතිය ලිහිල් කළද කර්මාන්තශාලා, ආයතන, කාර්යාල සහ වෙළෙඳසැල් පවත්වාගෙන යාමේදීත්, මගී ප්‍රවාහනයේදීත් කොරෝනා වෛරසය පාලනය පිණිස සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති පිළිවෙත් මුලිමනින්ම අනුගමනය කළ යුතුය.

විෂබීජ හරණය, මුඛ ආරවණ පැළඳීම, විටින් විට අත් සේදීම සහ සමාජ දුරස්ථතාව තබා ගැනීම ඊට අයත්ය.

රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතනවල සේවයට කැඳවන සේවක සංඛ්‍යාව, කැඳවන්නේ කුමන සේවකයන්ද යන්න ඒ ඒ ආයතනය සලසන සේවාව සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ පදනම් කොටගෙන තීරණය කිරීම ආයතන ප්‍රධානීන්ට පැවරේ.

ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසුවද සෞඛ්‍ය නියමයන් පිළිපදිමින් එදිනෙදා කාර්යයන්හි නිරත වන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.

හෙට, 26 අඟහරුවාදා සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර ලැබේ.

Related posts

අද IOC තෙල් බෙදන ලැයිස්තුව මෙන්න

colombotoday

කොළඹ-ගම්පහ පොලිස්බල ප්‍රදේශ 05ක් හෙට හුදෙකලා බවින් ඉවතට

colombotoday

කාලගුණය ගැන රතු නිවේදනයක්

colombotoday

කෝටි 10කට අධික හෙරොයින් සහ අයිස් තොගයක් වටලයි

colombotoday

ලංකාවේ දූෂණය තිබුණාටත් වඩා වැඩිවෙලා – ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් හෙළිකරයි

colombotoday

වැලනොකැඩී පොහොට්ටුවේ තවත් අය ජනපති සමඟ එක් වෙයි

Admin