Colombo Today Local News

හිටපු ආරක්ෂක ලේකම් සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ අතර වූ දුරකථන සංවාදය

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ තමන් අතර සිදුවු විශේෂ දුරකථන සංවාදයක හඬපටයක් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අද (14)දින ජනාධිපති කොමිසම හමුවට ඉදිරිපත් කළේය.

මේ අතර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂකවරයාගේ පෞද්ගලික ජංගම දුරකථනය තුළ පටිගතකරන ලද තවත් සංවාද ඇත්දැයි පරික්ෂා කිරීම සඳහා එය වහාම ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය භාරයට ගන්නා ලෙසද කොමිසමේ සභාපතිවරයා නියෝග කළේය.

පටිගත කරන ලද අදාළ දුරකථන සංවාදයේ සම්පුර්ණ කාලය මිනිත්තු 25 යි තත්ත්පර 04 ක්. පහතින් දැක්වෙන්නේ එම සංවාදයේ කොටසකි.

හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන – සර්… ” අපි මේක දැනගෙන හිටියා. මෙච්චර දෙයක් වෙයි කියලා හිතුවේ නැහැ ” කියලා Statement එක දුන්න එකයි වැරැද්ද. මම Statement දෙන්න ගියේ නැහැනේ.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු – හොදයි. ඔයා කියන්න මාව දැනුවත් කළා කියලා. මම අයි.ජී ව දැනුවත් කරලනේ තිබ්බේ.

නිලන්ත – සර්ට මම 07 වෙනිදා දැනුවත් කළාම, Well Received කියලත් සර් එව්වනේ.

හේමසිරි – දැන් මෙතන තියෙන ප්‍රශ්නය ජනාධිපතිට කිව්වේ නැති එකනේ.

නිලන්ත – මගෙන් ඇහුවේ නැහැ ජනාධිපතිට කිව්වද කියලා. පත්තර වල යන්නේ ජනාධිපතිතුමාට නොකිම ප්‍රශ්නයක් කියලා.කොහොමටත් මම කිව්වේ නැහැ.

හේමසිරි – හරි ඔයා කිව්වෙත් නැහැ මම කිව්වෙත් නැහැ.

නිලන්ත – දැන් ජනාධිපතිතුමා 20 ලංකාවේ හිටියෙත් නැහැනේ. එහෙමනම් මම අගමැතිට කියන්න එපැයි. මම අගමැතිට කිව්වෙත් නැහැ. එක රාජකාරි පැහැර හැරීමක් වෙන්නේ නැහැ. මේක ලොකු Issue එකක් වෙන්නේ නැහැ. පත්තර වලින් තමයි මේක Issue එකක් කරලා තියෙන්නේ. ඇත්තටම මේක Political Issue එකක්.

හේමසිරි – වැරදි කාගේ අතිනුත් වෙනවා. දැන් මේගොල්ලෝ මාව Arrest කරන්න යන්නේ. මම ආරක්ෂක ලේකම්ධුරයෙන් අයින් වුණා.

නිලන්ත – IG Resign වුණා ද ?

හේමසිරි – නැහැ. IG යන්නේ නැහැයි කියලා අපි දෙන්නාටම ගහන එක හරි නැහැ.

නිලන්ත – සර්. මම හිතන්නේ සර් ජනාධිපතිතුමාව හම්බුනොත් හොදයි නේද?

Related posts

පාර්ලිමේන්තු ප්‍රධාන පිවිම් මාර්ග දෙක තාවකාලිකව වැසේ..

colombotoday

සමගි වෙන්න කතා කරලා වෙන වෙන කොන්දේසි දානවා… මේක නොකෙරෙන වෙදකමක් !

colombotoday

විනය කැඩු අය දැන් සමාව ඉල්ලා ලිපි එවනවා – එස්.බී

colombotoday

කොවිඩ් ආසාදිතයින් ගණන 1278 දක්වා ඉහලට

colombotoday

“මොළ හතේ ඇමති ඉතිහාසයේ අසාර්ථකම මුදල් ඇමති “

colombotoday

ජනපති කියන දේ නොකරන, නොකෙරෙන දේ කියන අයෙක්.. ඔහුගේ ප්‍රකාශ ගණන් ගතයුතු නෑ

colombotoday