Colombo Today Local News

සෞදි අරාබිය වයස 18 ට අඩු විවාහ තහනම් කරයි – අරාබියෙත් නැති ගෝත්‍රික නීතිය ලංකාවේ තවම ක්‍රියාත්මයි !

සෞදි අරාබිය විසින් වයස අවුරුදු 18 ට අඩු විවාහ තහනම් කර තිබේ. මේ බව නිවේදනය කළේ සෞදි අරාබියේ අධිකරණ අමාත්‍යාංශය විසිනි.මේ අනුව සෞදි රාජ්‍යය තුළ විවාහ වීමේ අවම වයස අවුරුදු 18 බවට පත් වේ.සෞදි අධිකරණ ඇමති සහ සුප්‍රීම් අධිකරණ කවුන්සිලයේ සභාපති ෂ්‍යෙික් වාලිඩ් අල්-සමානි මෙයට අදාළව සියලු අධිකරණවලට නව නියෝගයක් ද චක්‍ර ලේඛයක් හරහා නිකුත් කර තිබේ.

මේ අනුව වයස 18 ට අඩු විවාහ ඉල්ලීම් සලකා බැලීම විශේෂ අධිකරණයක් මගින් අනුමත කළ යුතුය.2019 ජනවාරි මාසයේ වයස අවුරුදු 15 ට අඩු අය, එනම් දරුවන් විවාහ කිරීම තහනම් කරමින් රෙගුලාසි නිකුත් කළේය. එම යෝජනාව තුනෙන් දෙකක බලයකින් ෂුරා කවුන්සිලය හෙවත් අධීක්ෂණ කමිටුව මගින් ද අනුමත කෙරිණි.

ලෝකයේ වයස අවුරුදු 18 ට අඩු ගැහැණු දරුවන්ගේ විවාහ 7 න් 1 ක්ම වාර්තා වූයේ සෞදි අරාබියෙනි. නමුත් දැඩි මුස්ලිම් මතධාරී රටක් වන සෞදි අරාබිය, රටේ ළමා ආරක්ෂණ නීතිය (Child Protection Law) අනුව යමින් සිය රටේ නීති ප්‍රතිසංස්කරණය කරගෙන ඇත.

#ලංකාවේ_තත්වය

ලංකාවේ ද මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සම්බන්ධයෙන් පවතින්නේ දැඩි මතභේදකාරී තත්වයකි. 1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත අනුව ලංකාවේදී මුස්ලිම් දැරියක් වයස අවුරුදු 12 සම්පූර්ණ වීමෙන් පසු විවාහ කරගත හැක. මෙම තත්වය වෙනස් කළ යුතු බවට ක්‍රියාකාරීන් විසින් දශක 3 ක් තිස්සේ යෝජනා කරමින් සිටින අතර, මේ දක්වා කමිටු 5 ක් මේ වයස සංශෝධනය කිරීම ඇතුළු වෙනත් ඉල්ලීම් සලකා බැලීම සඳහා පත් කර තිබිණි. අවසාන වශයෙන් 2019 ජූලි මස විනිසුරු ෂලීම් මසූර්ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව ද නිර්දේශ කරන්නේ විවාහ වීමේ අවම වයස ලංකාවේ ද අවුරුදු 18 දක්වා ඉහළ දැමිය යුතු බවට ය. නමුත් නොවැළැක්විය හැකි අවස්ථාවල පිරිමි කාතිවරුන්ගේ අධීක්ෂණයට යටත්ව වයස අවුරුදු 16 දක්වා ද මෙම අවම වයස පහළ දැමිය හැකිය. මෙය, සෞදි අරාබියේ ‘විශේෂ අධිකරණ අනුමැතිය‘ ට සමාන තත්වයකි. කෙසේ නමුත් මේ නව යෝජනා පවා තවමත් නිර්දේශ පමණක් වන අතර, ලංකාව තුළ නීතියක් බවට පත්ව නැත.

මේ අනුව ලංකාවේ මුස්ලිම් ජාතිකයන් සම්බන්ධයෙන් විවාහ වීමේ අවම වයස අවුරුදු 12 සීමාවේම පවතින හෙයින්, ලංකාවේ දැන් තත්වය සෞදි අරාබියටත් වඩා අන්ත ය. නිර්දේශ නීතියක් බවට පත්වුවහොත්, එවිටත් ලංකාවේ තත්වය සෞදි අරාබිය ට සමාන වනු ඇත!

– අවුට්බවුන්ඩ් ටුඩේ

Related posts

මානව හිමිකම් උල්ලංඝනය වන ලොව දූෂිතම රටවල් හතරෙන් එකක් බවට ශ්‍රී ලංකාව පත්වෙලා – රදගුරු වින්සන් ප්‍රනාන්දු

colombotoday

ගොවි පවුල් 48,000කට 30000ක ආධාරයක්

Admin

” පෙට්‍රල් – ඩීසල් ප්‍රමාණවත් තොග පවතිනවා “

colombotoday

බිරිඳගේ 12 හැවිරිදි නැගණිය ගැබිනියක කළ සැමියාට වසර 39ක සිර දඬුවමක්

Admin

රට පෙරළූ “ආප්පය” රුපියල් 5කින් නගී… භාණ්ඩ 6කට උපරිම මිල සීමා

colombotoday

ඇමතිවරු පදින්නෙ පරණ වාහන.. දේශපාලනඥයින් ගැන ජනතාවත් සංවේදී විය යුතුයි – රාජ්‍ය ඇමති ගොඩහේවාගෙන් චෝදනාවක්

colombotoday