Colombo Today Local News

සුළු පිරිසක් නිදහස නෑ කිව්වාට යාපනේ බහුතර ජනතාව ඉතාම නිදහසේ සතුටින් ඉන්නවා! – යාපනය ආරක්ෂක සේනාංක ආඥාපති

යාපනයේ ජනතාව ඉතාම ඉහළින් නිදහස භුක්ති විඳින බවත් ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ කටයුතු සාර්ථක කරගැනීම සඳහා යුද හමුදාවෙන් උපරිම සහය ලබා දෙන බවත් යාපනය ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පැවසීය.

ජාතික නිදහස් දිනයේදී යාපනය විශ්ව විද්‍යාලයේ හා තවත් ස්ථානවල පිරිසක් නිදහසක් නැති බව කියමින් විරෝධතා දැක්වීම පිළිබඳව තොරතුරු විමසූ අවස්ථාවේදී දර්ශන හෙට්ටිආරච්චි මහතා එසේ පැවසීය.

යාපනයේ හා කිළිනොච්චියේ සුළු පිරිසක් නිදහස නොමැති බව කියා සිටියත් බහුතරයක් වූ දෙමළ ජනතාව මුළු උතුරු ප‍්‍රදේශයේම ජීවත් වන්නේ ඉතාම සතුටෙන් හා නිදහසෙන් යුතුව බවද ඔහු කියා සිටියේය.

යුද හමුදාව මේ වැසියන්ගේ ආරක්ෂාව පිළිබඳව නිරන්තරයෙන්ම කටයුතු කරන අතර ඔවුන්ගේ ජන ජීවිතයේ උන්නතිය සඳහා විශාල වැඩ කොටසක් කරන බවද කියා සිටියේය.

විශේෂයෙන්ම යාපනයේ වැසියන්ගේ සියලුම ආගමික උත්සවවලදී ඔවුන් සමග එක්ව යුද හමුදාව කටයුතු කිරීමත්, පාසල් ඇතුළු පොදු ස්ථාන ඉතා අලංකාරව පවත්වාගෙන යෑමට උදව් කිරීමත් යුද හමුදාව විසින් කරන බවද දර්ශන හෙට්ටිආරච්චි මහතා පැවසීය.

ඊට අමතරව දිළිඳු පවුල් සොයා ඔවුන්ට නිවාස ඉදිකොට දීම, පාසල් දරුවන්ට පාපැදි, ඇස් කණ්ණාඩි, පාසල් උපකරණ ආදිය බෙදාදීමටත් යුද හමුදාව දානපතියන්ගේ උදව් උපකාර ඇතිව වැඩ පිළිවෙළවල් රැසක්ම සංවිධානය කොට ඇති බව ද යාපනය ආරක්ෂක සේනාංක ආඥාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

දිවයින

Related posts

DIG නාලක සිල්වාට ඇප…

colombotoday

අධිකරණ නියෝග කඩ කළ අප්පුහාමි භාර වෙයි

colombotoday

එජාපය හෙළවෙයි… ප්‍රබලයන් හතරක් ශ්‍රීලනිපයට ?

colombotoday

ගණේමුල්ල සංජීවගේ වෙඩික්කරුවෙක් අල්ලයි

Admin

ප්‍රභාකරන් සමරන්න විග්නේශ්වරන්ගෙන් 18 දා උත්සවයක්‌

colombotoday

එල්ලා මරණ දිනය සහ එල්ලන වරදකරුවා තීරණය කර අවසන්…

colombotoday