Colombo Today Local News

සිරිලිය සවියේ ඩිෆොන්ඩරය තාජුඩීන් ඝාතන නඩුවේ නඩු භාණ්ඩයක් කරයි…

මියගිය රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ ඝාතන සිද්ධියට අදාලව” සිරිලිය සවිය” වැඩසටහන යටතේ පැවති ඩිෆෙන්ඩර් රථය නඩු භාණ්ඩයක් වශයෙන් ඇතුළත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද(03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී ඇත.

මෙම ඩිෆෙන්ඩරය රතු කුරුස සංවිධානය මගින් සිරිලිය සවියට ලබා දී ඇති අංක WPKA 0642 දරන රථයකි.

ඝාතනයට ලක්වූ රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් පැහැරගෙන යාම සඳහා අදාල ඩිෆෙන්ඩර් රථය යොදාගෙන ඇති බවට පැහැදිලි සැකයක් පවතින අතර එම රථය අදාල නඩුවේ නඩු භාණ්ඩයක් වශයෙන් නම්කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

එසේම, එම ඩිෆෙන්ඩර් රථය කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණ අංක තුන අධිකරණයේ විභාග වන අංක බී/849/13/12 නඩුවට අදාළව නඩු භාණ්ඩයක් ලෙස ලේඛන ගත කිරීමටද මහේස්ත‍්‍රාත්වරයා අධිකරණ ලේඛනාගාරයට නියෝග කළේය.

Related posts

අවුරුදු 12ට වැඩි පාසල් දරුවන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීමට අවධානය

colombotoday

ශ්‍රී ලංකා යුද හමුදාව UN සාම සාධක මෙහෙයුම්වල යෙදවීම නවත්වයි

colombotoday

කුඩු අරන් සල්ලි නොදුන් දෙදෙනෙක් මරා වළලා?

Admin

නව ආරක්ෂක ලේකම්වරයා පත් කෙරේ

Admin

පුංචි ඡන්දය මාර්තු 10ට පෙර – මැතිවරණ කොමිසම කියයි

Admin

ඥානසාර හිමිට හෙටත් ඇප නොලැබෙන හැඩ

colombotoday