Colombo Today Local News

සිරගතව සිටින මව්වරුන්ගේ දරුවන් ගැන අගමැතිගේ අවධානය

සිරගතව සිටින මව්වරුන් පිරිසකගේ දරුවන් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව ඇත.

නිවේදනයක් නිකුත් කරමන් අග්‍රාමාත්‍ය කාර්යාලය ඒ බව සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිරගතව සිටින මව්වරුන්ගේ දරුවන් 46 දෙනෙකු මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවල බන්ධනාගාරවල සිටින බවට පළ වු මාධ්‍ය වාර්තා පිළිබඳව අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරයා එම දරුවන්ට නිදහස ලබාදීමට අදාළ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සොයාබලන ලෙස රාජ්‍ය අමාත්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට උපදෙස් ලබා දී ඇත.

වයස අවුරුදු 5ට අඩු මෙම දරුවන් 46 දෙනා දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින මව්වරුන් භාරයේ අධිකරණ නියෝග මත රඳවා ඇති බව වාර්තා වේ.

අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් ගනු ලැබූ ඉදිරි පියවර පිළිබඳ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කර ඇත්තේ මේ වන විට අදාළ තොරතුරු රැස් කරමින් සිටින බවය.

දරුවන්ට නිදහස ලබාදීමට අවශ්‍ය නෛතික පසුබිම හා ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන් ඉදිරියේ දී අග්‍රාමාත්‍යවරයා දැනුවත් කරන බව ද රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කර තිබේ.

Related posts

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය රනිල් ප්‍රතික්ෂේප කරයි

colombotoday

“දූෂණ, වංචා පරීක්ෂණ පක්ෂග්‍රාහීයි“ – ජනපතිගෙන් නැවතත් ප්‍රහාරයක් !

colombotoday

දූෂණය පරාජයට ඇති හොඳම ආයුධය රටවැසියා එය නොඉවසීම – ජනපති

colombotoday

විශ්ව විද්‍යාල ඇඳුරෝ වර්ජනය තාවකාලිකව අත්හරිති

Admin

බෞද්ධ හා පාලි සරසවියේ ඉගැන්වීම් කටයුතු Online ක්‍රමයට..

Admin

සුදේව හෙට්ටිආරච්චි අත්අඩංගුවට

Admin