Colombo Today Local News

සිංහරාජය දෙපළු කර තවත් පාරක් හදයි… ලෝක උරුමය විනාශයි..

සිංහරාජ වනාන්තරයේ පේරණ කාලාපයට අයත් සිංහරාජ ලංකාගම සිට  කැකුණ ඇල්ල හරාහා මාර්ගයක් ඉදිකරමින් මෙිවනවිට පේරණ කලාපයේ දැවැන්ත වන සංහාරයක් සිදුකරමින් සිටි. එමෙන්ම සිංහරාජයේ පේරණ කලාපයේ ලංකා ගම සිට මෙිදෙරිපිටිය දක්වා මාර්ග ඉදිකිරීම සදහා මෙි වන විට උත්සහ දරමින් සිටින අතර මෙම මාර්ගය. ඉදිකිරීම 2014 වර්ෂයේ පරිසරවේදීන්ගේ බලපෑම මත යට ගිය අතර එම ඉදිකිරීම්  නීති විරෝධි නිසාවෙන්ම නවතා දැමීමට රජයට සිදුවිය. නමුත්  එම මාර්ගය නැවත වරක් ඉදිකිරීමට ආරම්භ කිරීම තුළින් දැවැන්ක පාරිසරික හානියක් සිංහරාජලෝක උරුම වනපෙත  තුළ  මෙි වන විට සිදුවෙිමින් පවති.  මෙයට අමතරව සිංහරාජයේ කුඩව  ප්‍රදේශයේ  සංචාරකයින්ගේ පහසුව තකායැයි පවසමින් ලෝක උරුම වනාන්තරය ඇතුලත කිලෝ මීටර් දෙකක් පමණ දිග මාර්ගයක් මෙි වන විට ඉදිකරමින් ඇත. මෙලෙස  ඉදිකරන මාර්ගය අඩි අටක පළලින් යුක්ත මාර්ගයක් වන අතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මැදිහත් වීම මත ඩොසර් යොදා ගනිමින් ඉතා සංවෙිදී පරිසර පද්ධතියක් වනසමින් සිටියි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ  අභ්‍යන්තර  ආරංචිමාර්ගවලට අනුව මෙය ලෝක බැංකු ව්‍යාපෘතියක  ගිවිස ගැනීමේ  කොටසක් ලෙස මෛත්‍රී – රනිල් හවුල විසින් අද වන විට සිදුකරමින් තිබෙි. 

sinharajaya 01

 දේශගුණික විපර්යාස  අවම කිරීම සදහා යනුවෙන් දකුණු ආසියාවෙි රටක් වශයෙන් ලංකාව මුල්කරගනිමින් ආධාර මුදල් ලබා දුන් ESCAMP ව්‍යාපෘතිය  නැත්නම් පරිසර සම්පත් සංරක්ෂණය හා කළමණාකරණය සදහා වන ලෝක බැංකු ව්‍යාපෘතිය  යටතේ මෙය සිදු කරමින් ඇත. මෙම මාර්ගය ඉදිකර සංචාරකයින්ගේ පහසුව තකා කොන්ක්‍රීට්  ගල් අතුරා  සකස් කිරීමට මෙිවන විට වන සංරක්ෂණ බලධාරීන් තීරණය කර ඇති අතර  මෛත්රී ජනපති හා රනිල් වික්රමසිංහ ඇගැමතිගේ පුර්ණ දායකත්වය හා අනු දැනුම මත මෙය ඉදිවෙමින් පවතී. මෙම මාර්ගය ඉදිකිරිමෙන් අනතුරුව  විදුලි කාර් රථ සංචාරකයින් වෙනුවෙන් ධාවනය කිරීමට මෙහි බලාපොරොත්තු  වෙි . 2011-2030 ජාතික භෞතික  සැලැස්ම  අනුව සිංහරාජයේ මාර්ග තුනක් ඉදිකිරීමට නියමිත බව අප 2013 වර්ෂයේදි පෙන්වා දුන් අතර  මෙි ඉදිවන්නේ සිංහාරජය දෙබෑ කරන දෙවන මාර්ගයයි. 

sinharajaya 02

නමුත් මෙම නොයිදුල් වනාන්තරය විනාශ කිරීම අද වන විට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂවරයා සාධාරණීකරණය  කරමින් සිටින අතර ලෝක බැංකු මුදල්වලට යට වෙමින් අදවන විට මෙම දැවැන්ත වටිනාකමක් සහිත පරිසර පද්ධතිය විනාශ කරමින්න් සිටියි. සබරගමු පළාත හා දකුණු පළාත තුළ  විහිදී ඇති සිංහරාජ  වනාන්තරය 1988 වර්ෂයේ යුනෙස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් බවට පත් කරන්නේ මෙහි ඇති ජෛව විද්යාත්මක වටිනාකම මෙන්ම ලෝකයේම දුර්ලබ වන ගහණයන්ගෙන් එකක් වීම නිසාය . හෙක්ටයාර් 8864 ලෝක උරුමයක් ලෙසත් එයින් පිටත ඇති තවත් සිංහරාජයට අයිතිව තිබූ වනාන්තර ගණනවක් පුරා විසිර ඇති සිංහරාජය මෙරට  ඇති ප්‍රථමාක  වනාන්තරයක් වන අතර  මිනිසා සහ ජෛව ගෝල රක්ෂිතයක් ලෙස  හදුන්වනු ලබයි.   සියයට පහකට වැඩි අවෙිණික ක්ෂිරපායීන් හා සමනල්ලුනට වාසස්ථානයක් වන මෙය  සියයට 70 පමණ ආවේණික  ශාක විවිධත්වයක් දැක ගත හැකිය. සිංහරාජයේ මුළු බිම්  ප්‍රමාණය  හෙක්ටයාර් 11.187 ක් පමණ වන අතර පරිවාර වනාන්තර ගණනාවකින්ද මෙම වන භූමිය සමන්විත වෙි. උතුරින් නාපොළ දොල හා කොස් ගුලන ගගෙනුත්, දකුණින් මහදොල සහ ගිංගගෙනුත්, බටහිරින් කළුංදාව ඇළ සහ පිට කැලේ ගගිනුත් නැගෙනහිරින් බිරෂ්වුඩි ප්‍රදේශයෙන්  සමස්ථ සිංහරාජයේ ආරක්ෂිත ප්‍රදේශය ආවරණය වී ඇති අතර රත්නපුර ,ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක පුරා මෙය විහිදි ඇත.

sinharajaya 03

 එෛතිහාසික වශයෙන් වසර කොටි 15 පමණ පෙර සිංහරාජය ගොඩිවානා බිම හා එක්ව පැවති යුගයේ සිංහරාජය සම්භවය  වී ඇති බව සැලකෙන අතර පරිණාමයේ මුල් අවදියේ සිට නොයිදුල් වනාන්තරයක් ලෙස මෙය පැවත එමින් ඇත. මුවර්මහාන් සහ පානබොක්කේ විසින් 1961 වර්ෂයේ සදහන් කර ඇති පරිදි සිංහරාජයේ පස් සම්බන්ධව ලියන ලද පර්යේෂණ  පත්‍රිකාවල  සදහන් කරන්නේ රතු සහ පොඩිසොලික්  පස සිංහරාජයේ වැඩි කොටසක දක්නට ඇති බවයි. නමුත්  වනාන්තර කපා ඉවත් කිරීම නිසාත් එහි උෂ්ණත්වය  වැඩි වීමට පටන්ගෙන ඇති නිසාත් එහි යම්  යම්  ස්ථාන වල ඇති ඇලුවියල් පස කබොක් සහ ලැටරයිට් පස් බවට පරිවර්තනය  වෙමින්  පවතින බව පර්යේෂණ මගින් තහවුරු කරගෙන  ඇත. නිරිත දිග මෝසමින් හා ඊසාන දිග මෙිසමින් ඉහළ වර්ෂාපතනයත් ලැබු සිංහරාජ වනාන්තරය වර්ෂාපතන මටිටම ක්‍රමානුකූලව  වෙනස්වීමෙන්  හා අඩුවෙමින් යන්නේ සිංහරාජයේ සිදුවන දැවැන්ත වන සංහාරය නිසාය.  මෙම වනාන්තරය තුළින් ගිංගගේ හා කළු ගගේ ප්‍රධාන  ජලපෝෂකආරම්භ  වන අතර  විශාල දියකදුරු ගණනාවකින්ද සමන්විත වෙයි . කොස් ගුලන ගග, කුඩව ගග, පිටකැලේ ගග, කළුකන්දාව ඇල, නාපොල දොළ,  මහ ගග, ආරනුව දොළ, ගිංගග, ආරනු දොල වැනි ජල පෝෂිතයන්ගෙන් සමන්විත වන අතර සිංහරාජ වැසි වනාන්තරය දකුණ හා සබරගමු පළාත් වල වැසි ලැබීමට අවශ්‍ය  ජිවී ක්‍රියාවලිය  ශක්තිමත් කිරීමට මෙම වනාන්තරය මගින් සිදුවන උත්ස්වේදව  ක්‍රියාවලිය  මගින් සිදුවෙි . ඉතා  ඉහළ  ශාක විවිධත්වයකට හිමිකම්  කියන මෙම තෙත් සදාහරිත වනාන්තරය තුළ  හොර (Dipterocarpus Zeylanicus)”  කැකිල්ල (Dicranopteris Linearis”)” කිරි හැඕලිය (Palaquium grande) කටබොද  (Cullenia Ceylaica)”  මල බොඩ ( Myristica Dactyloides ) ශාක ඇතුළුව විශාල ශාක විවිධත්වයක් දැක ගැනීමට හැකිවන අතර එයින් හමුවන මුළු ශාක විශේෂ සංඛ්‍යාව  215 වැඩිය. වල්ලපට්ටා ජාවරම්කරුවන්ගේ ග්‍රහණයට හා දැව ජාවාරම්කරුවන් නිසා සංහාරයේ  වනාන්තර විශාල වශයෙන් විනාශ වෙමින් ඇත.

sinharajaya 04

 සිංහරාජය තුළ  ඉහළ ශාක විවිධත්වයක් සේම ඉහළ සත්ව විවිධත්වයක්ද දැක ගැනීමට හැකියාව ඇත. මෙම වනාන්තරය පුරා පෘෂ්ට වංශික සත්ව විශේෂ 260 පමණ වාර්ථා වී ඇති අතර එයින් 74 පමණ ලංකාවට අවෙිණික සත්ව ඛාංඩ ලෙස සැලකේ, අලියා(Eliphas maximus maximu)”  දිවියා (Panthera pardus kotiya)දම්  මුහුණැති කොළ වදුරා (Trachypithecus Vetulas) ලංකා මල් කුරුල්ලා, පුල්ලි වල් අවිචිචියා Zosterops cylonensis)පුල්ලි දත් කැටියා (Oligodon Sublinensis)ඇතුළු සත්ව විශේෂ  ගණනාවක් මෙම මිනිසා හා ජෛවගෝල රක්ෂිතය තුල වාර්ථා වේ. වැසි වනාන්තර, සිංහරාජය වනාන්තරය හා  එහි සත්ව විශේෂ   ආරක්ෂා කරගැනීමේ  අරමුණින්  1992 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ පාරිසරික සහ සංවර්ධන සම්මුතියට අත්සන් තබා ඇති අතර , පරියටන පක්ෂීන්  පිළිබද බොන් සමිමුතිය 1990, දේශගුණික  විපර්යාසය  සම්මුතිය 1992, මිනිසා සහ ජෛව ගෝල වැඩසටහන 1940, සතුන් හා ශාක විශේෂ  වල ජාත්‍යන්තර  වෙළෙඳ  පිළිබද සමිමුතිය 1979 වැනි සම්මුති ගණනාවකට ලංකාව අත්සන් තබා  ඇති අතර මෙහි  සදහන් සියල්ල සිංහරාජයට ද අදාළ ජාත්‍යන්තර  සම්මුතීන් වෙි. මෙම සම්මුතීන්වලට අනුවද සිංහරාජය විනාශවන අයුරින් කිසිදු ක්‍රියාවක් කිරීම සපුරා තහනම්  වුවද අද දවස වන විට සමස්ථ සිංහරාජයම දැව ජාවරම්කරුවන්ගේ පාරාදීසයක් වී  ඇත. පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම්

Related posts

සියදිවි හානිකර ගැනීම් “පෙන්නන්න එපා”… ජාතික ළමාරක්ෂක අධිකාරියෙන් ඉල්ලීමක්

colombotoday

ලංකාව මව්බිමේදී ලද දැවැන්තම පරාජය ලබයි.. 2019 ලෝක කුසලානයට සුදුසුකම් නෑ !

colombotoday

තියුණු ආයුධ සමඟ සැකකරුවන් 05ක් අත්තනගල්ලේදී අත්අඩංගුවට

colombotoday

ලාෆ් ගෑස් හිඟය ගැන ජනපතිගේ අවධානය

Admin

රිෂාඩ් බදුර්දීන්ගේ සොහොයුරා වෙනුවෙන් යුරෝපා සංගමය කළ ඉල්ලීම රජය ප‍්‍රතික්‍ෂේප කරයි

colombotoday

වතු කම්කරුවන්ගේ ජල ගැටලුව හේතුවෙන් වැඩවර්ජන

Admin