Colombo Today Local News

සාමාන්‍ය පෙළ විභාගය ජනවාරි 18

2020 සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි 18 සිට 28 දක්වා පැවැත්වීමට තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මේ බව ප්‍රකාශ කළේය.

මේ අතර රජයේ පාසල් තෙවන වාරය දෙසැම්බර් 24  සිට 31 දක්වා ලබාදීමට තීරණය කර ඇති බවයි. කෙසේ වෙතත් 2021 වසරේ නව පාසල් වාරය ජනවාරි 04 වන ආරම්භ කිරීමට නියමිත වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

තෙවැනි පාසල් වාරය ලබන නොවැම්බර් 09 වෙනිදායින් ආරම්භ වී දෙසැම්බර් 23 වැනිදායින් අවසන් කර සිටි. 

2020 වර්ෂය සඳහා නියමිත අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ජනවාරි මස 18 වෙනිදා සිට 27 දක්වා පැවැත්වෙන කාල පරිච්ඡේදය දී සියලු පාසල් සඳහා විශේෂ නිවාඩුවක් ක්‍රියාත්මක වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටියේ.

අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයට මුහුණ දෙන සිසුන් සඳහා පමණක් ලබන ජනවාරි 01 වෙනිදා සිට 2021 ජනවාරි 17 දක්වා අධ්‍යයන නිවාඩු කාලයක් හිමිවනවා.

සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව නැවත පාසල් ආරම්භ වන්නේ ලබන පෙබරවාරි 01 වෙනිදා දින සිට බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටියේ.

Related posts

ශ්‍රී ලාංකික ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදියෙකු නවසිලන්ත පොලීසිය වෙඩිතබා මරා දමයි

colombotoday

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද සිට බලාත්මකයි.

colombotoday

“ආවා” නොනවතී.. යාපනේදී තවත් දෙදෙනෙක් කපා කොටා දමයි !

colombotoday

බ්‍රිතාන්‍ය කොටි තහනම දික් කරයි

colombotoday

2021 සාමාන්‍ය පෙළ අදින් අවසන්

colombotoday

රනිල් පන්නා අගමැති වෙන්න එස් බී බරටම වැඩ – ඒකාබද්ධ විපක්ෂයේ සහයත් ඉල්ලයි

colombotoday