Colombo Today Local News

සා/පෙළ විෂය නිර්දේශ ආවරණය වී අවසන් දැයි සෙවීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පියවර

සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදෙන සිසුන්ගේ විෂය නිර්දේශ සම්පූර්ණ කර ඇත්දැයි සෙවීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

එහි ලේකම් මාහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ, ඒ සඳහා ගුරුවරුන්ගේ හා සිසුන්ගෙන් තොරතුරු අන්තර්ජාලය හරහා සහ කොට්ඨාස නිලධාරීන් මගින් ලබා ගැනීමට නියමිත බවයි.

එම තොරතුරු මත පදනම්ව සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමේ දින වකවානු අවසන් වශයෙන් තීරණය කරන බව ද ඔහු පැවසුවේ ය.

කෙසේවෙතත් ලේකම්වරයා සඳහන් කළේ, සාමාන්‍ය පෙළ විභාගය දැනට ප්‍රකාශිත කාල සීමාව තුළ පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

ඒ අනුව ලබන ජනවාරි 18 වැනිදා සිට 28 වැනිදා දක්වා විභාගය පැවැත්වීමට නියමිතය.

මේ අතර පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට එළැඹ නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශ ලේකම් මාහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ, පාසල් ආරම්භ කිරීම සහ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් පළාත් මට්ටමින් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව සෑම පළාතකම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් සම්බන්ධ කරගනිමින් අදාළ සාකච්ඡා පැවැත්වෙනු ඇති.

මීට අමතරව සෞඛ්‍ය බලධාරීන් සමග සම්බන්ධ වෙමින් පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන බව ද ඔහු පැවසුවේ ය.

Related posts

සල්ලි ගාණට සෙනග නැතැයි මෛත්‍රී උරණ වෙයි.. නාගරික මන්ත්‍රීගේ කණ පලයි

colombotoday

“සියළු බලතල අපට ඕන” විග්නේෂ්වරන් ජනපති නියෝජිතයාගේ මූණටම කියයි

colombotoday

2028න් පසු ගුරු පත්වීම් ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලයෙන් බිහි වන උපාධිධාරීන්ට පමණයි

Admin

ගාල්තැන්න දේවාලයේ රන් කිලෝ 10කට විද්ද හොරු 4ක් පොලිසියෙන් සොයා දෙයි !

colombotoday

කාබනික නිෂ්පාදන සතිය අදින් ඇරඹේ

colombotoday

රන්ජන්ගෙන් අනාවැකියක්.. ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයෙක් ළගදීම අත්අඩංගුවට !

colombotoday