Colombo Today Local News

සහරාන් මාවනැල්ලට ගෙනත් රැක බලා ගත්තා – පොදු ජන පෙරමුණේ මන්ත්‍රී මොහොමඩ් කාමේල්ට චෝදනා

ජාතික ගීයේ සහ පළාත් ගීතයේ සංගීතයට මම විරුද්ධ නිසා ජාතික ගීය සහ පළාත් ගීතය ගායනා කරන වේලාවට මම සභාවට එන්නේ නැතැයි එම්. එස්. එම්. කාමේල් (පො. ජ. පෙ.) පෙරේදා (10 දා) පැවැති මාවනැල්ල ප‍්‍රාදේශීය සභා රැස්වීමේදී පැවසීය.

මාවනැල්ල ප‍්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම සභාපති චන්දන කුමාර ජයවන්දල මහතාගේ මූලිකත්වයෙන් පැවැත්විණි.

මන්තී‍්‍රවරයාගේ මෙම ප‍්‍රකාශයට සිංහල මුස්ලිම් මන්තී‍්‍රවරුන් සිය විරෝධය ප‍්‍රකාශ කිරීම නිසා සභාව එකම ගාලගෝට්ටියක් බවට පත් විය. කාමේල් මන්තී‍්‍රවරයා වසරකුත් මාස හතරක් සභා රැස්වීමට පැමිණියේ ජාතික ගීය සහ පළාත් ගීතය ගායනා කිරීමෙන් පසුව බව සභාපති මහතා සභාව අමතා පැවසීය.

කාමේල් මන්තී‍්‍රවරයා තවුහිද් ජමාත් සංවිධානයේ පල්ලියක් සෑදීමට සම්බන්ධ බවත් සහරාන් නමැති ත‍්‍රස්තවාදියා වසරකට අධික කාලයක් මාවනැල්ලට රැගෙනවිත් ආරක්ෂාව ලබාදී බලාගත් බවත් ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී රුවන් කුමාර දයාරත්න මහතා මෙහිදී සඳහන් කළේය. මන්තී‍්‍රවරුන් වෙතින් එල්ලවූ දැඩි විරෝධ මධ්‍යයේ මන්තී‍්‍රවරයා සභාවෙන් පිටව ගියේය.

Related posts

අයවැය ප්‍රකාශය : රැඳවියන්ගේ සනීපාරක්ෂක පහසුකම් දියුණු කිරීමට මිලියන 100ක්

Admin

‘මේ රටට විනෝදාස්වාදය අවශ්‍යයි’

Admin

“ඇස්බැස්ටෝස් තහනම ක්‍රියාත්මක නොකළොත් ජනපතිට එරෙහිව ජනබලයක් ගොඩ නගනවා” – රතන හිමි පරල වෙයි

colombotoday

පුද්ගලයන් සහ සංවිධාන අසාදු ලේඛනයෙන් ඉවත් කිරීම ගැන ජනපති කාර්යාලය කරුණු කියයි

colombotoday

මාරපන, ගිය නිසා ඇමතිකම සාගලට දෙයි?

colombotoday

රැකියා නැති උපාධිධාරීන්ට රැකියා වෙනුවට කදුළු ගෑස්!

colombotoday