Colombo Today Local News

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 5 කට අභියාචනාධිකරණයේ නඩු

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 5 දෙනෙකු දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම කළ කැඳවීමක් අනුව අද (09)දින උදෑසන එහි පැමිණ තිබේ.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිශන් සභාව හමුවේ මෙම මන්ත්‍රීවරුන් සිදුකළ පැමිණිල්ලකින් පසු ඉන් පිටතදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදීමේ දී ජනපති කොමිසමට අපහාස වන ආකාරයෙන් අදාළ ප්‍රකාශය සිදුකළ බවට ලද තොරතුරු මත අදාළ කැඳවීම සිදුකර තිබේ.

මෙහිදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම රජයේ මුදල් අවභාවිත කරමින් රටේ නීතිය ද අභිබවා කටයුතු කරමින් සිටින බවය.

මේ සම්බන්ධයෙන් කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ඊයේ (08) දිනයේ දී සිතාසි නිකුත් කර ඇති බව සඳහන් වේ.

මෙලෙස සිතාසි නිකුත් කර ඇත්තේ, හරීන් ප්‍රනාන්දු, නලින් බණ්ඩාර, ජේ.සී.අලවතුවල, මයන්ත දිසානායක සහ සුජිත් සංජය යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටය.

සාක්ෂි විමසීමෙන් අනතුරුව ඉදිරියේදී ජනාධිපති කොමිසමට එරෙහිව අපහාස කිරීමේ චෝදනාවට අදාළව අභියාචනාධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිත බව ද කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

කොමිසම හමුවේ මන්ත්‍රීවරු පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසා සිටියේ,

“අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 5 දෙනෙක් කොමිසම් සභාවට කැඳවලා තියෙනවා. ඒ මන්ත්‍රීවරු ඇතුළු කණ්ඩායමක් අල්ලස් හා දුෂණ කොමිසමට තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අනුව, ජනතාව වෙනුවෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ පැමිණිල්ල ඉදිරිපත් කළ මන්ත්‍රීවරු අද කොමිසම හමුවට කැඳවලා තියෙනවා. ඔවුන් ඇපීල් උසාවියට ඉදිරිපත් කරනවා කියලා කිව්වා. අපි අධිකරණයට ගරු කරනවා. හැබැයි අපි බොරු වැඩවලට ගරු කරන්නේ නෑ.”

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු සියලුදෙනා කළු පැහැති කතිරයක් සලකුණු කර ඇති මුඛ ආවරණ පැළඳසිටි අතර, ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පිළිබඳ ගැටළුවක් ඇති බැවින් එලෙස මුඛ ආවරණ පැළඳි බව ද ඔවුන් සඳහන් කළේය.

Related posts

යාපනයේ දැරිය ඝාතනයේ වගකීම හමුදාවේ ගිණුමට ?

colombotoday

ප්‍රචන්ඩ රැල්ල නොනවතී.. “ආවා“ට අමතරව උතුරේ තවත් පාතාල කල්ලි 5ක් !

colombotoday

අගමැති බංග්ලාදේශය බලා පිටත්ව යයි

colombotoday

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීට ජනපති ශෝකය පළ කරයි

Admin

බුදු පිළිම කැඩූ මුස්ලිම් අන්තවාදීන් බෝම්බ හැදුවේ දළදා මාළිගාවට පහරදීමටද?

colombotoday

ජනාධිපතිවරණයටත් ඇලෝසියස්ගේ මුදල් අරන්? – ෆොන්සේකාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

colombotoday