Colombo Today Local News

සතියක් තුළ රු. බිලියන 8.8ක බැදුම්කර ආයෝජන අහිමිවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවලට අනුව 2018 සැප්තැම්බර් 12 සිට සැප්තැම්බර් 19 දක්වා සතියක කාලපරිච්ඡේදය තුළ දී රුපියල් බිලියනව 8.8 ක වටිනාකමකින් යුතු රජයේ සුරැකුම්පත්වල ආයෝජන ඉවත් කර ගැනීමට විදේශීය ආයෝජකයින් පියවර ගෙන තිබේ.

මෙහිදී 2018 සැප්තැම්බර් 12 වන දින පැවති රජයේ සුරැකුම්පත් ආයෝජනවල විදෙස් හිමිකාරීත්වය රුපියල් බිලියන 268.438 ක් ලෙසින් සටහන් වන අතර එය සැප්තැම්බර් 19 දින වන විට රුපියල් බිලියන 259.626 ක් දක්වා අඩු වී ඇත.

මේ අතර සමස්ත දත්ත පිරික්සීමේ දී 2014 දෙසැම්බර් මාසයේ සිට වසර තුනහමාරක කාලපරිච්ඡේදයක් තුළ දී රුපියල් බිලියන 193.81 ක ආයෝජන, රජයේ සුරැකුම්පත්වලින් ඉවත් කර ගැනීමට විදෙස් ආයෝජකයින් පියවර ගෙන ඇත.

Related posts

යහපාලන සමයේ බැංකුවල මූල්‍ය අක්‍රමිකතා සෙවීමට කොමිසමක්

colombotoday

මහජන උපයෝගිතා කොමිසමට ඩග්ලස් නානායක්කාර පත්කරයි

Admin

ජනාධිපතිවරණය කිසිඳු අයුරකින් කල් දමන්න අපි ඉඩ ‌දෙන්නේ නෑ – චම්පික රණවක යලි කරලියට

colombotoday

මහර ගැටුම – මියගිය රැදවියන් 06කගේ සිරුරු හඳුනාගනී

colombotoday

ආර්ථික අපහසුතා ඇති විදෙස්ගත ලාංකිකයින් රාජ්‍ය අනුග්‍රහයෙන් මෙරටට ගෙන්වා ගැනීමේ තීරණයක්

colombotoday

නීති විරෝධීව ගෙන්නූ රට අරක්කු සිගරැට් තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday