Colombo Today Local News

සජිත්ට දැමූ කොන්දේසි ගැන එළියේ කතා කරන්නේ නෑ – රවී කරුනනයක

“අපි කොහොමත් සෑම අවස්ථාවකම මැතිවරණයකට සූදානමින් තමයි සිටින්නේ.  මේ වනවිට අපේ පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයෙක් නම්කරලා තිබෙන්නේ. එතුමා  ජනාධිපති කරන්න අපි සියළු දෙනාම අත්වැල් බැඳගෙන කටයුතු කරනවා. පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා එක්සත් ජාතික පක්ෂයෙන් කොන්දේසි රාශියක් මත සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය ලබාදුන්නේ කියලා. නමුත් එම ප්‍රචාරයේ කිසිම සත්‍යයක් නැහැ. ඒ වගේම පක්ෂයේ සිදුකරන අභ්‍යන්තර කතාබහ පිටස්තරයට දියයුතු නැහැ. කෙසේනමුත් අපේ පක්ෂය තුළ කිසිම අර්බුදයක් තිබුණේ නැහැ. පිටස්තර පුද්ගලයින් තමයි පක්ෂය තුල අර්බුදයක් මවාපාලා පෙන්නුවේ. අපි සියලුදෙනාම ඒකමතිකව තීරණය කල පුද්ගලයෙක් තමයි අද මේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් මේ ඉදිරිපත් කරලා තිබෙන්නේ” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

ඒ මහතා මෙම අදහස් පළකළේ, පසුගියදා මට්ටක්කුලිය ප්‍රදේශවාසින්ගේ අවශ්‍යතාව සදහා ඉදිකිරීමට යෝජිත බහුකාර්ය මධ්‍යස්ථානයට මුල්ගල් තැබීම වෙනුවෙන් විස්ට්වයික් ක්‍රීඩාංගනයේ පැවති උත්සව අවස්ථාවක ආරාධිත අමුත්තා ලෙස  සහභාගිවිමෙන් අනතුරුව මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු සපයමිනි.

Related posts

දෙසැම්බර් 9වනදා පොහොට්ටුවේ ජනාධිපතිවරයා දිවුරුම් දෙනවා – බැසිල්

colombotoday

මත්කුඩු ග්‍රෑම් ‍2ට වඩා අඩුනම් අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ට සිදු වෙන දේ

colombotoday

ශ්‍රීලංකා නිදහස් පක්ෂයයේ සහය ගෝඨාට. තීන්දුව ප්‍රකාශයට පත් කිරීම හෙට

colombotoday

“මට ඇපල් ෆෝන් එකේ පාස්වර්ඩ් මතක නෑ” – බැදුම්කර බෑණා තවත් වංගුවක් දමයි !

colombotoday

බන්ධනාගාරවල මත්ද්‍රව්‍ය අල්ලන්න අලුත් උපකරණ

colombotoday

ගායක රජීව් සෙබස්තියන් වහාම අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන නියෝග

colombotoday