Colombo Today Local News

ශ්‍රේෂ්ඨාධිකරණය නාගානන්ද කොඩිතුවක්කුගේ නීතීඥභාවය අහෝසි කරයි…

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය වසර 03 කට අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කර තිබේ.

ඒ, එවකට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ලෙස කටයුතු කළ විජිත් මලල්ගොඩ මහතා ඉදිරියේ පැවති නඩු විභාගයකදී නීතිඥ වෘත්තියට නොගැලපෙන අයුරින් කරුණු දැක්වීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණ රීතින් දෙකක් උල්ලංඝණය කිරීමේ චෝදනාවකට වරදකරු කරමිනි.

විජිත් මලල්ගොඩ මහතා විසින් කරනු ලැබූ පැමිණිල්ලක් අනුව නාගානන්ද කොඩිතුවක්කු මහතාට එරෙහිව සාක්ෂි විභාගයක් පැවැත් වූ ශ්‍රේෂ්ඨාධිකරණය රීතින් 60 සහ 61 යන වගන්ති උල්ලංඝණය කිරීමේ චෝදනාවට නාගානන්ද කොඩිතුවක්කු මහතා වරදකරු කරනු ලැබුවේය.

අගවිනිසුරු නලීන් පෙරේරා, සිසිර ද ආබෲ සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ එම නඩුව විභාග කෙරුණි.

Related posts

මම තනිවෙලා නෑ… ජනතාවගෙන් 90%ක් මා සමගයි – ජනපති

colombotoday

බම්බලපිටිය මුහුදු තීරයේ නාඳුනන අයෙකුගේ සිරුරක්

Admin

හිඟ විදුලි බිලට වසරක සහනයක්

colombotoday

ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

Admin

කාමර හබය නිමයි.. අලුත් කාර්යාලයක යාපා වැඩ බාරගනී.. මාසික කුලිය ලක්ෂ 20යි !

colombotoday

මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ විදුලි සෝපානයක සිරවෙයි

Admin