Colombo Today Local News

වේදෙනිගම හිමි පැහැරගෙන ගොස් නෑ – පැවිදි ගුරුහිමියන් පවසති

අපේ ජන බල පක්‍ෂයේ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් කිසිම පාර්ශවයකින් පැහැරගෙන ගොස් හෝ අතුරුදහන් කර නැති බව එහිමියන්ගේ පැවිදි ගුරුහිමියන් පවසති.

ඊයේ (25) පැවැති මාධ්‍ය හමුවකදී පූජ්‍ය හුණුපොලගම වජිර හිමියන් පැවසුවේ විමලතිස්ස හිමියන් අතුරුදහන් යයි මාධ්‍ය තුළින් හා සමාජ මාධ්‍ය තුළින් විශාල ප්‍රචාරයක් ගෙන යාමින් ඇති බවයි.

විමලතිස්ස හිමියන් අතුරුදහන් වී ඇතැයි කරන ප්‍රකාශ අසත්‍ය බවත් උන් වහන්සේ තමනට පෙරේදා දිනයේ හමුවූ බවත් එහිමියෝ එහිදී කීහ.

පවතින තත්ත්වය මත ආරක්ෂාව පිණිස විමලතිස්ස හිමියන් වසන් වී සිටින බවත් තත්ත්වය පහව ගිය පසු සුදුසු අවස්ථාවේදී පෙනී සිටිනු ඇති බවත් වජිර හිමියන් පැවසූහ.

අතුරලියේ රතන හිමියන් හෝ ඥානසාර හිමියන් හෝ වෙනත් කිසිම පාර්ශවයකින් විමලතිස්ස හිමියන් සඟවා ගෙන නැති බව වගකීමෙන් ප්‍රකාශ කරන බවත් උන්වහන්සේ පැහැදිලි කලහ.

කෙසේ වෙතත් මෙම ප්‍රකාශය අතුරලියේ රතන හිමියන්ගේ බලපෑම මත සිදුකල ප්‍රකාශයක් බවට වේදෙනිගම හිමියන්ගේ පාර්ශවය චෝදනා කර සිටියි.

Related posts

බෝ නොවන රෝග වලින් ජනතාව ආරක්ෂා කරන්න විශේෂ අරක්කු බෝතලයක මිල වැඩි කළ යුතුයි

colombotoday

රිල්වාන්ට පුපුරණ ද්‍රව්‍ය සැපයු රාසික් රාසා TID යට

colombotoday

2019 අළුත් ආණ්ඩුවක් හදන වසරක්…

colombotoday

මවයි පියයි මාස 6 බිලිඳිය වැසිකිලි වළට දාලා

colombotoday

බුදුන් වහන්සේගේ සැබෑ පාත්‍රය ඇත්තේ ඇෆ්ගනිස්ථානයේද? ලංකාවේද?

colombotoday

පොලිස් නිලධාරීන් 21කට ස්ථාන මාරුවීම්

colombotoday