Colombo Today Local News

විෂ මත්ද්‍රව්‍ය, අපරාධ කල්ලි සාමාජිකයින් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගැන තොරතුරු දෙන්න විද්‍යුත් ලිපින දෙකක්

විෂ මත්ද්‍රව්‍ය, අපරාධ කල්ලි සාමාජිකයින් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීම සදහා විද්‍යුත් ලිපිනයන් හා ෆැක්ස් අංකයක් පොලිස් මූලස්ථානය විසින් හඳුන්වා දී ඇත.

ඊට අදාළ ව හඳුන්වාදී ඇති 1997 හා 1917 යන දුරකතන අංක දෙකට අමතරව මෙම විද්‍යුත් ලිපින හා ෆැක්ස් අංකය හඳුන්වාදෙන බව පොලිස් මූලස්ථානය පවසයි.

විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් [email protected] යන විද්‍යුත් ලිපිනයෙන් තොරතුරු ලබාදිය හැකි අතර අපරාධ කල්ලි හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා [email protected] යන විද්‍යුත් ලිපිනය භාවිත කළ හැකිය.

මීට අමතරව 011 2440 440 ෆැක්ස් අංකයෙන් ද අදාළ තොරතුරු ලිඛිතව ලබාදිය හැකි බවද පොලිස් මූලස්ථානය පවසයි.

Related posts

බේරුවල මව සහ බිළිඳා කොළඹ යවා, වෛද්‍ය කණ්ඩායම නිරෝධනයට

colombotoday

ජූලි 11 මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ගාස්තු ඉහළට

colombotoday

ජනපති අණින් 800ක් ආරක්ෂක බලඇණිය ඉවත් කරයි… රනිල්ගේ ආරක්ෂාව 10ට බස්සයි….

colombotoday

පුද්ගලයකු සොයා ගැනීමට පොලීසිය මහජන සහය පතයි.

Admin

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට ගිය ජනපති යළි දිවයිනට

colombotoday