Colombo Today Local News

විශේෂ ගුවන් යානයකින් නාවිකයන් පිරිසක් මත්තල සිට එංගලන්තයට

කොළඹ වරායේ නැංගුරම් ලා ඇති විදේශීය නැවක සේවය කළ කාර්යය මණ්ඩලයේ නාවිකයන් 57 දෙනෙකු රැගෙන විශේෂ ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපළේ සිට එංගලන්තය බලා අද (02) දින අලුයම පිටත්ව ගොස් ඇත.

වාමෝස් ගුවන් සේවයට අයත් ඊ.බී- 545 දරන මෙම ගුවන් යානය මත්තල ගුවන් තොටුපළෙන් අද අලුයම 5.50 ට එංගලන්තයේ, ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළ බලා පිටත්විය.

මෙම ගුවන් යානය තුළ ගුවන් යානා කාර්යය මණ්ඩලය ලෙස 15 දෙනෙකු සේවයේ යෙදී සිටින අතර, ගුවන් යානය ඊයේ (01)දින උදෑසන 10.20 ට රෝමයේ සිට කොළඹ වරායේ ඇති නැවක සේවය සඳහා නාවිකයන් 155 දෙනෙකු රැගෙන මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

Related posts

වැදි රැහේ ඉතිහාසය වෙනස් කළ හේනානිගල කැකුළිය දියවන්නාව තරණයටත් සූදානම්

colombotoday

සංස්කෘතියට පහර ගසන ITN fm රේඩියෝ නාට්‍යයට එරෙහිව පොලිස් පරීක්ෂණ

colombotoday

නුවර – කොළඹ අධිවේගය ජූනියේ වැඩ අල්ලයි

colombotoday

රජිව් ගාන්ධි ඝාතකයා ලංකාවට එවිමේ සූදානමක් !

colombotoday

පළාත් සභා මැතිවරණය කඩිනම් කිරීමට කටයුතු කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

colombotoday

ප්‍රමිතියකින් තොරව සිදුකෙරෙන නුවරඑලිය නානුඔය ඩෙස්පොඩ් මාර්ගයේ කාපට් අතුරා ප්‍රතිසංස්කරණය.

colombotoday