Colombo Today Local News

විදේශිකයින්ට මෙරටට ඒමට නිකුත් කළ විසා තාවකාලිකව අත්හිටුවයි

විදේශිකයන්ට මෙරටට පැමිණීම සඳහා නිකුත් කර ඇති සියලුම වීසා නැවත දැනුම් දෙන තුරු අත්හිටවූ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඔන්ලයින් ක්‍රමයට අයදුම් කළ සහා සාමාන්‍ය ලෙස අයදුම් කිරීමෙන් පසු නිකුත් කළ ගොඩබැස්වීමේ සහතික පත්, බහු ඇතුළත් වීමේ අවසර පත්‍ර හා පදිංචි අවසර පත් සියල්ල ද ලබන 31 වනදා තෙක් අත්හිටවූ බව දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. 

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් හා මතුවූ හදිස්සි තත්ත්වයන් හමුවේ මෙම තීරණ ගත් බවද දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

අවතැන්වූවන්ට දෙන්න සතොසෙන් ඇති තරම් බඩු නොමිළේ.. ගාස්තුව පසුව රජයෙන් අයකරගන්නවාලු

colombotoday

කළු ගඟ⁣ගේ ගිලී දෙදෙනෙකු මරුට : දරුවෙකු අතුරුදන්

colombotoday

ගබඩා කර ඇති ආනයනික බිත්තර මිලියන 6ක් අද සහ හෙට වෙළෙඳපොළට

Admin

ජනපති හා එජාපය අතර අද තීරණාත්මක හමුවක්…

colombotoday

“සංහිදියාව ඉතා හොදයි.. ත්‍රස්ත පනත අහෝසි කර උතුරින් හමුදාව ඉවත් කරමු” ඊළාම් ඩයස්පොරාව

colombotoday

රනිල්ට එරෙහිව නඩුවක්

Admin