Colombo Today Local News

ජනපති, අගමැති ඇඟිළිගැසීමෙන් මංගල කුපිත වේ

Mangala-samaraweera-2

ජනපතිවරයාගේ ඇමරිකානු සංචාරයේ අත්‍යවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික කටයුතු වලින් සහ අගමැතිවරයාගේ ජපාන සංචාරයේ සංවිධාන කටයුතු වලින් මංගල සමරවීර අමාත්‍යවරයා මගහැර සිටීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ කටයුතු වලට ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ අතපෙවීම් උත්සන්න වීම මෙයට හේතුව බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ජනාධිපතිවරයාගේ ඇමරිකානු සංචාරය අතරතුරදී විවිධ රටවල රාජ්‍ය නායකයින් හා සිදුකල සාකච්ඡා සදහා ඇමරිකාවේ සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා බොහෝ අවස්ථාවලදී සහභාගී වී නොමැති අතර ඒ වෙනුවට ජනපති පුතු සහ තවත් නිලධාරීන් කිහිප දෙනෙකු සහභාගී වී තිබේ. ඒ කිසිවක වාර්තා මේ වනතුරුත් විදේශ කටයුතු අමාත්‍යාංශය සතුව නැතැයිද පැවසේ.

මහින්ද සමරසිංහ හිටපු අමාත්‍යවරයාට විදේශ කටයුතු අමාත්‍යාංශය ලබා දීමට ජනපතිවරයා කැමැත්තෙන් සිටියද ඔහු ඡන්දයෙන් පැරදීම නිසා එම අදහස අතහැරීමට සිදුවූ නමුත් ජනපතිවරයා දිගින් දිගටම විදේශ ඇමති මංගල සමරවීර මගැහැර විදේශකටයුතු සම්බන්ධයෙන් මහින්ද සමරසිංහ මහතාගෙන් උපදෙස් පැතීම නිසා ජනපතිවරයා සමගද මංගල සමරවීර මහතා උරණ වී ඇති බව වාර්තා වේ.

මේ අතර ජිනීවා මානව හිමිකම් සමසුළුවේ කටයුතුවලට විදේශ අමාත්‍යාංශය මගහැර අගමැති කාර්යාලය හරහා සම්බන්ධීකරණ කටයුතු කරගෙන යෑමට අගමැතිවරයා කටයුතු කර ඇති නිසා ඔහු සමගද විදේශ ඇමතිවරයා විසරක වී ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග තව දුරටත් පවසයි.

Related posts

බන්ධුල ගුණවර්ධනත් ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි !

colombotoday

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සමක්

Admin

කතානායක අසුනෙන් නැගිට යයි. මන්ත්‍රීවරයෙකුගේ අතින් ලේ ගලයි

colombotoday

තැපැල් ඡන්ද විමසීමට අදාළ දින මෙන්න

Admin

තවත් ගුරුවරු පිරිසකට 5,000 දෙන්න අනුමැතිය

colombotoday

රට පුරාම කොරෝනා පැතිරිලා.. ජනතාවට සත්‍ය වහන්න සෞඛ්‍ය ප‍්‍රධානීන්ට මාධ්‍ය සාකච්චා තහනම් කරලා

colombotoday