Colombo Today Local News

විදෙස් ගත ලාංකික ශ්‍රමිකයින් 40ක් කොරෝනා රෝගයෙන් මරුට

රැකියා සඳහා විදෙස් ගත වී ඇති ශ්‍රී ලාංකිකයන් 40 දෙනකු මේ වන විට විදෙස් රටවල දී කොවිඩ් ආසාදනයෙන් මියගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

අද (16)දින පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් එහි සභාපති කමල් රත්වත්තේ මහතා මේ බව සඳහන් කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නීතිරීති අනුව ඔවුන්ගේ දේහයන් මෙරටට ගෙන්වා ගැනීමට හැකියාවක් නොමැති බව ද ඔහු පැවසීය.

මියගිය අය අතර පිරිමි පුද්ගලයින් 37 දෙනෙක් හා කාන්තාවන් තිදෙනෙක් ද වේ.

2019 ගිවිසුමට අනුව, සාමාන්‍ය මරණයක දී ගෙවන වන්දිය වන රුපියල් ලක්ෂ 5ක මුදල, කොවිඩ් 19 රෝගය වැළදී මියයන ශ්‍රමිකයින් වෙනුවෙන් ද ගෙවනු ලබන බවත්, ඒ අනුව දැනටමත් 20 දෙනෙකුගේ ලිපිගොනු සකස් කරමින් තිබෙන බවත් ඔහු පවසයි.

කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ ගතවූවන් ට මෙම ප්‍රතිලාභය හිමිවන අතර, ලියාපදිංචිය ලබා එහි කාලය ඉක්මවූ අය වෙනුවෙන්, විශේෂ සුභසාධන අරමුදල යටතේ රුපියල් ලක්ෂ 3 බැගින් වන්දි පිරිනැමේ.

2020 මාර්තු 16 න් පසුව ලියාපදිංචිය ලබා විදේශ ගතවූවන් වෙනුවෙන් මෙම වන්දිය රුපියල් ලක්ෂ 6 දක්වා වැඩි කර ඇත.

Related posts

මීළග අගමැතිත්, කැබිනට් මණ්ඩලයත් තෝරන්නේ ජනපති මෛත්‍රීයි !

colombotoday

සීගිරිය සිංහපාදය අසළ ගුටි කෙලියක්.. ආරක්ෂක නිලධාරියෙක් රෝහලේ

colombotoday

පලෙයි වෛද්‍යවරයා එකින් එක වමාරයි. පන්නල රක්ෂිතයෙන් ක්ලේමෝ බෝම්බ 03 ක් සොයා ගැනේ

colombotoday

“දයාසිරිත් එක්ක තවත්නම් බෑ“… මාධ්‍ය ලේකම් ඉල්ලා අස්වේ

colombotoday

කැබිනට් මණ්ඩලය ගැන සමගි ජනබලවේගයේ ස්ථාවරය කියයි

colombotoday

ජනාධිපති තුමාට දින 100න් ආර්ථිකය හදන්න බැරිවුන හේතුව අනුර ප්‍රියදර්ශන යාපා කියයි

colombotoday