Colombo Today Local News

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මාර්තු 7 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි එම සංශෝධනය සිදුකරන බවයි අදාළ ගැසට් නිවේදනයේ සදහන් වන්නේ.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සහ එහි සියළු සමාගම් රන්මිණිතැන්න සිනමා උද්‍යානය, නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික අමාත්‍යාංශය යටතට පත් කර ඇති අතර ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සහ එහි පාලන සමාගම් මෙන්ම ආශ්‍රිත ආයතන විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පත් කර ඇති බවයි ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ.

Related posts

හකීම්ගේ සහ බදුර්දින්ගේ ජාතිවාදයට එරෙහිව “මුස්ලිම් හඩ” සංවිධානයෙන් මාධ්‍ය හමුවක්

colombotoday

අගමැති ඉල්ලා අස් නොවීමේ තීරණයක්. – රාජපක්ෂ පවුල විරසක වෙයි.

colombotoday

2011දී මෙන් සිරිකොතට ගල් ගැසීමේ සූදානමක්… ආරක්ෂාව තරකෙරේ…!

colombotoday

වරායේ ඇති කිරිපිටි කන්ටේනර් නිදහස් කරගන්න තවමත් සල්ලි නෑ

colombotoday

නඩු 17කට වරෙන්තු නිකුත් වූ සැකකරුවෙක් අත්අඩංගුවට

Admin

ඇමති රංගේ බණ්ඩාරගේ පුත්‍රයා ඇප පිට නිදහස්

colombotoday