Business

වැඩිමිලට අන්තර්ජාලයෙන් භාණ්ඩ අලෙවි කළ ආයතනයකට නඩු

අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇනවුම් කළ හැකි කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික වෙළඳ ආයතනක් පාලන මිලට වඩා වැඩි මිලට අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේදී පාරිභෝගිකඅධිකාරිය විසින් අද (25) දහවල්  වටලනු ලැබීය.

එම ආයනය මගින් රුපියල් 100 කට මිල නියම කර තිබු සැමන් ටින් රුපියල් 550 කටත් ,රුපියල් 150 වන බී ලූනූ කිලෝවක් රුපියල් 500 කට , රුපියල්  65 ක් වන පරිප්පු කිලෝව රුපියල් 180 කටත් ,රුපියල් 92 ක් වන පාන්පිටි කිලෝව රුපියල්  350 කටද අලෙවි අකර ඇති බවද  අධිකාරිය පවසයි.

මෙම අධික මිලයටතේ අලෙවි කළ භාණ්ඩ ලබාගත් පාරිභෝගියන්ට වැඩිපුර ගෙවූ මුදල් යළි ලබා දීමටත් එම වෙළද සමාගම විසින් පාරිභෝගික අධිකාරියට පොරොන්දු වී තිබේ.

ඇදිරිනීතිය පවතින අවස්ථාවේ පාරිභොගිකයින් ගසාකෑම සම්බන්ධයෙන් ආයතනයට එරෙහිව නඩු දැමීමටද  පාරිභෝගික අධිකාරිය පියවර ගෙන ඇත.

Related posts

AIBT Campus නවතම ශාඛාව Degu Lanka පදනම සමඟ ඒකාබද්ධව හම්බන්තොට නගරයේදී විවෘත වේ.

colombotoday

ගැස් අලෙවි වෙලදසැල් වසා දමයි – තිරිගු පිටි තොග නිකුත් කිරිම එජන්තවරුන් සිමා කරයි

colombotoday

පසුගිය මාස 11 තෙල් සංස්ථාවේ පාඩුව කෝටි 132ක්

colombotoday

පෝට් සිටි ව්‍යාපෘතියෙන් ඒක පුද්ගල ආදායම ඩොලර් 1000 කින් නගී

colombotoday

IOC පෙට්‍රල් ලීටරයක් රු.20කින් ඩීසල් රු.15කින් මිල ඉහළට

colombotoday

මහ බැංකුව තවත් රු.බි.17 ක බැඳුම්කර නිකුත් කරයි.

colombotoday