Colombo Today Local News

වන සතුන් නිසා වාර්ෂිකව 40% ක වගා හානියක්

වන සතුන්ගෙන් සිදුවන බෝග හානිය වලක්වා ගැනීම සඳහා හෙක්ටර් කොබ්බැකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය විසින් විද්වත් අධ්‍යයනයක් සිදුකර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මේ වන විට ශ්‍රී ලංකාවේ වනසතුන් නිසා සිදුවන වාර්ෂික වගා හානිය 40% බව තහවුරු වී තිබේ.

එම නිසා වනසතුන් කළමනාකරණයට හා බෝග හානිය වලක්වා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය දැඩි අවධානය යොමු කර ඇත.

2016 දී ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ වනසතුන්ගෙන් බෝග වගාවට වන හානිය එහි සමස්ත අස්වැන්නෙන් 10%ක් බව සිදුකළ අධ්‍යයනයේදී හෙලිවී තිබේ.

ඒ අනුව මුං ඇට වගාවෙන් 15%ක් ද ඉරිඟු වගාවෙන් 8%ක් රටකජු වගාවෙන් 9%ක් සහ උක් වගාවෙන් 9%ක අස්වනු හානියක් වනසතුන්ගෙන් සිදුවී ඇතැයි තහවුරු කරගෙන ඇත.

වායු රයිෆල් හා පතුරම් තුවක්කු

2017 දී යල සහ මහා කන්නවල අම්පාර හා මොණරාගල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කොට්ඨාස 46 ක සිදුකල අධ්‍යනයකින් අස්වනු හානිය බඩඉරිඟු 22%, වී 15%, රටකජු 23%, කුරක්කන් 41%, කවුපි 39%, අඹ 41% ලෙස වගා හානි සිදුවී ඇතැයි වාර්තා වේ.

waga hani 02

මෙහිදී වගාවන්ට වැඩිපුරම හානි සිදු කරන සතුන් ලෙස වල් ඌරන්, රිලවුන්, මොණරුන්, දඬුලේනුන්, වල් අලින් සහ ඉත්තෑවන්ගෙන් හදුනාගෙන තිබෙන අතර ඔවුන්ගෙන් සිදුවන හානිය අවම කර ගැනීම සඳහා කෙටිකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග හදුන්වා දීමට යෝජනා වි තිබේ.

ගොවීන් විසින් සතුන්ගෙන් සිදුවන හානිය වලක්වා ගැනීම සඳහා වායු රයිෆල් මෙන්ම පතුරම් තුවක්කු ද ලබා දෙන ලෙස ඉල්ලීම් කර ඇතත්,මේ සඳහා වෙනත් විකල්ප ක්‍රියාමාර්ග කෙරෙහි අවදානය යොමු කිරිමට කෘෂිකර්ම අමාත්‍යංශය පියවර ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ යටතේ විදුලිවැට ඉදිකිරිම්,නව හදුන්වාදීම් සඳහා පර්යේෂණ දිරිගැන්විම්, නිවරදි වගාක්‍රම අනුගමනය, සත්ව ආහාර සඳහා ඉවහල් වන ශාක සිටුවීම,වන සතුන් විකර්ශක ශාක සිටුවීම වැනි විකල්ප අදහස් ඒ සදහා යෝජනා වී තිබේ.

waga hani 05

පසුගිය වසර කිහිපය තුළ වන සතුන්ගෙන් සිදුවන හානිය හේතුවෙන් පලතුරු බෝග වගාවේ හැරෙන්නට සෙසු ආහාර බෝග වගාවන් මඟින් දළ දේශිය නිෂ්පාදනයට ලබාදෙන දායකත්වය අවම වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ජනපතිට ජාත්‍යන්තර සහාය

වන සතුන්ගෙන් ආහාර බෝගවලට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා විසඳුම් ලබාදීමට ජාත්‍යන්තර ආහාර ප‍්‍රතිපත්ති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනාධිපතිතුමා හමුවේ සහතික වී තිබුනේ 2018 වස‍රේ සැප්තැම්බර් මාසයේදීය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයට සහභාගීවීම සඳහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ ජාත්‍යන්තර ආහාර ප‍්‍රතිපත්ති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් Shenggen Fan මහතා මේ පිළිබඳ සිය එකඟතාවය පළ කර තිබුනි.

වාර්ෂිකව නිෂ්පාදනය කෙරෙන ආහාර බෝගවල අස්වැන්න අඩුවීම හේතුවෙන් ජනතාවට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාගැනීමේ අවස්ථාව ද මගහැරෙමින් පවතින අතර සතුන් ද රැක ගනිමින් මෙම ගැටලුව සඳහා ස්ථිර විසඳුමක් ලබාගැනීමේ අවශ්‍යතාවය ජනාධිපතිතුමා එහිදී අවධාරණය කර තිබුනි.

කෙසේ නමුත් වගා හානි අවම කර ගැනීම සදහා වල් ඌරන් ඝාතන තහනම ඉවත් කිරීමට ද පසුගියදා රජය තිරණයක කළේය.

waga hani 03

ජාත්‍යන්තර ආහාර ප‍්‍රතිපත්ති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදි සඳහන් කර තිබුනේ වන සතුන්ගෙන් ආහාර බෝගවලට සිදුවන හානිය රටවල් රැසක් මුහුණදී ඇති ගැටලුවක් වන අතර, එම රටවල මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා ලබාදුන් විසඳුම් තුළින් ලත් අත්දැකීම් උපයෝගි කර ගනිමින් ශ‍්‍රී ලංකාවේ ද මෙම තත්ත්වය අවම කර ගැනීම සඳහා සහය ලබාදීමට සූදනම් බවයි.

සාර්ථක වන වගා

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ගම්පහ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ අදහස් දක්වමින් බස්නාහිර පළාත භාර වනජීවී සහකාර අධ්‍යක්ෂ ඒ.ඩී.යු.ඉන්ද්‍රජිත් මහතා සදහන් කර තිබුනේ ගෙවී ගිය කාලය තුළ සිදු කරන ලද වනවගා හා පළතුරු වගා ව්‍යාපෘති සාර්ථක වූයේ නම් අද වනවිට රටපුරා විශාල වන ගහනයක් පවතින බවයි.

එසේ වූයේ නම් වන සතුන්ගෙන් වගාවන්ට සිදු වන හානිය අඩුවිය හැකිව තිබු බව ඒ.ඩී.යු.ඉන්ද්‍රජිත් මහතා පෙන්වා දී තිබුනි.

විශාල ඉඩම් කට්ටි කිරීම

වන සතුන් වැඩිවීම සහ වන ගහනය අඩුවීම නිසා වනසතුන් මිනිස් වාසස්ථාන සහිත ප්‍රදේශයන් ආක්‍රමණය කරන තත්ත්වයකට පත්ව ඇති බැවින් කෘෂි භෝග, ආර්ථික භෝග හානියට පත්වීම වැඩි වීමට හේතු වී තිබේ.

waga hani 01

එහිදි සහකාර අධ්‍යක්ෂවරයා තවදුරටත් ප්‍රකාශකොට තිබුනේ වනජීවී දෙපාර්තමේන්තුව මගින් මෙලෙස හානි පමුණුවන සතුන් අල්ලා වෙනත් ප්‍රදේශයන්ට රැගෙන ගොස් දැමීම සිදුකළ හැකි නමුත් මින් සිදුවන්නේ ප්‍රශ්නය වෙනත් ප්‍රදේශයකට යොමු කිරීමක් පමණක් වන බවය.

Related posts

මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයක සාමාජිකයන් දෙදෙනෙකු කෝටියක මත්ද්‍රව්‍ය සමඟ අල්ලයි

colombotoday

ජාත්‍යන්තරයට, අපට දුන් පොරොන්දු වහා ඉටු කරනු.. නැතිනම් වැඩ වරදී – සම්බන්ධන් රජයට අනතුරු අගවයි

colombotoday

පොලිසිය පල්ලියට එන්න සිද්දකලේ ඔබේ ආගමේ අන්තවදියෝ 8 දෙනෙක්. හිස්බුල්ලාට සහ අසාද් සාලිට දුමින්ද පිළිතුරු දෙයි

colombotoday

“තීරණය වෙනසක් නෑ.. වෛද්‍යවරුන් බිහිකිරීමට SITM සුදුසු නෑ” – මහාචාර්ය කාලෝ ෆොන්සේකා

colombotoday

හිටපු ජනපති නව ව්‍යවස්ථාවට නෙත් යොමයි !

colombotoday

මාවුස්සාකැලේ හා කාසල්රි ජලාශ පිටාර මට්ටමට

colombotoday