Colombo Today Local News

වතුකරයේ දෙමළ ළමුන්ට කුරාණය උගන්වන නීති විරෝධි මධ්‍යස්ථාන හතරක්….

ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව බදුල්ල දිස්ත්‍රික්කයේ ද්‍රවිඩ පාසල් හතරක වතු ද්‍රවිඩ තරුණ තරුණියන් 500 දෙනෙකුට අරාබි භාෂාව හා අල් කුරාණය, ඉරාන දේශපාලනය වැනි විෂයයන් උගන්වන පාඨමාලා පවත්වාගෙන යන බව අනාවරණය වී ඇතැයි ඌව පළාත් ද්‍රවිඩ අධ්‍යාපන අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් මහතා පැවැසීය.

හපුතලේ දෙමළ මහ විදුහල, බණ්ඩාරවෙල දෙමළ මහ විදුහල, පස්සර දෙමළ මහ විදුහල සහ බදුල්ල සරස්වතී දෙමළ මහ විදුහල යන විදුහල්වල මෙම පාඨමාලා නීති විරෝධී ලෙස මේ වන විටත් මාස අටක පමණ කාලයක් පවත්වාගෙන ගොස් ඇති බව ඒ මහතා කීය.

මෙම වැඩසටහන අවුරුදු දහයකට සැළසුම් කර ඇතැයිද මේ වන විටත් ඊට සහයෝගය ලබාදෙන විදුහල්පතිවරුන් හා ගුරුවරුන් දස දෙනෙකුට ඉරානයේ චාරිකාවක් පවා ලබාදී තිබීමෙන් මේ පිළිබඳව දැඩි සැකයක් පවතින බවද පළාත් අමාත්‍යවරයා පැවසීය.

මෙම පාඨමාලා සඳහා අදාළ ප්‍රදේශවල සාමාන්‍ය පෙළ හා උසස් පෙළින් පසු පාසල් හැරගිය තරුණ තරුණියන් 650 දෙනෙකු බඳවාගෙන ඇති අතර ඉන් 130 දෙනෙකු මුලදීම ඉන් ඉවත්ව ඇත.

ඉතිරි 520 දෙනා අතරින් 20 දෙනෙකු පමණක් මුස්ලිම් ළමුන් වන අතර ඉතිරි 500 දෙනාගෙන් සුළු පිරිසක් කතෝලික හා බහුතරයක් හින්දු ආගමිකයින් වන වතු ද්‍රවිඩ තරුණ තරුණියන් බව හෙළිවී තිබේ.

ඉරානයේ අල් මුස්තාපා විශ්ව විද්‍යාලය නම් ආයතනයක මෙහෙයවීමෙන් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.අරවින්ද කුමාර් මහතාගේ මැදිහත් වීමෙන් අදාළ පාසල්වල විදුහල්පතිවරුන්ද සම්බන්ධ කරගෙන මෙම මධ්‍යස්ථාන පවත්වාගෙන යන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.‍

මෙය අයි එස් අයි එස් වැනි ත්‍රස්තවාදී සංවිධානයක ඉදිරි ඉලක්කයක් මත ක්‍රියාත්මක කරන වැඩසටහනක් බවට සැකකෙරෙන බවත් එබැවින් මේ සම්බන්ධයෙන් රහස් පොලීසියට පැමිණිළි කර ඇති බවත් අදාළ විදුහල්පතිවරුන් හා ගුරුවරුන් සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින්ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් ඉදිරියේදී මෙවන් කටයුතු ඌවේ වතු හා වතු ද්‍රවිඩ ජනතාව ආශ්‍රිතව සිදුවීමට ඉඩ නොතබන බවත් ඌව පළාත් ද්‍රවිඩ අධ්‍යාපන අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

ජනපති ඉදිරියේ චම්පිකගෙන් ආණ්ඩුවට දොස්මුරයක් !

colombotoday

වේල්ල වීදියෙන් කාන්ත මළ සිරුර හමුවූ වීමෙන් පසු‘තවත් අතුරුදන් වූ කාන්තාවන් රැසකගේ’ තොරතුරු හෙළිවෙයි – දුරකථන ඇමතුම් 200ක්

colombotoday

සජිත්ගේ ගම්උදාවෙන් රූපවාහිනියට කෝටි 10ක පොල්ලක් !

colombotoday

තව බඩු ගත්තොත් දෙන කැකුළු කිලෝ දෙක

Admin

සුළු පිරිසක් නිදහස නෑ කිව්වාට යාපනේ බහුතර ජනතාව ඉතාම නිදහසේ සතුටින් ඉන්නවා! – යාපනය ආරක්ෂක සේනාංක ආඥාපති

colombotoday

පළාත් කිහිපයකට අදත් වැසි

colombotoday