Colombo Today Local News

වඩා අගයන එකම වත්කම මානව සංවර්ධනයයි “පළමුව ජනතාව” යන ප්‍රතිපත්තිය අත්නොහරින බව ජනපති ලෝක ප්‍රජාවට අවධාරණය කරයි

මුහුණ දීමට ඇති දුෂ්කරතාව කුමක් වුවද “පළමුව ජනතාව” යන ප්‍රතිපත්තිය අත්හළ නොහැක්කේ අප වඩා අගයන එකම වත්කම මානව සංවර්ධනය නිසා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

“කොව්ඩ් 19 සහ ඉන් ඔබ්බට යුගයේ සංවර්ධනය සඳහා මූල්‍යකරණය පිළිබද ඉහළ පෙළේ වීඩියෝ සම්මන්ත්‍රණයට ඊයේ (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ සිට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ බව සඳහන් කළේය.

රටවල් 49 ක් සහ ජාත්‍යන්තර සංවිධාන 08 ක ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් වීඩියෝ සම්මන්ත්‍රණය පැවැත්විණ. ආරම්භක ප්‍රකාශ කැනේඩියානු අගමැති ජස්ටින් ටෘෘඩෝ (Justin Trudeau), ජැමෙයිකා අගමැති ඇනඩෘ හොලෙස් (Andrew Holness) එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේර්ස් මහත්වරු සිදු කළහ.

ලොව ප්‍රධාන පෙළේ ආධාර කණ්ඩායම්වල හා නායකයන්ගේ වගකීම තමන් අතර කොන්දේසි පනවා නොගෙන සංවර්ධන හවුල්කරුවන් ලෙස ඉදිරියට යාම බව ජනාධිපතිතුමා පැවසීය.

මහා පරිමාණ ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික නියෝජිත ආයතනවල කඩිනම් ක්‍රියාමාර්ග වේගවත් කොට සංවර්ධනය වෙමින් පවතින රටවල හා මධ්‍ය ආදායම් ආර්ථිකයන්හි සංවර්ධනයට දායක විය යුතුය.

අධ්‍යාපනය, සෞඛ්‍යය , කාන්තාවන් හා ළමයින්, නව අපනයන කර්මාන්ත, ආහාර සුරක්ෂිතතාව හා වඩා යහපත් හා ස්ථාවර ලොවක් වෙනුවෙන් පරිසර සුරැකීම ඇතුළු මානව සංවර්ධන අංශ කෙරෙහි අවධානය යොමු කිරීමට රටවල් දිරි ගැන්විය යුතු වේ.

හදිසි ආධාර පහසුකම් තුලින් සංවර්ධනය වෙමින් පවතින හා මධ්‍ය ආදායම් රටවලට සහය වන්නේ කෙසේදැයි මේ කතිකාවත තුළින් එකඟත්වයක් මතු විය යුතු බවද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

Related posts

පාරිභෝගික කටයුතු අධිකාරියේ වැටලීම් වලට පත්කර ඇති විශ්‍රාමික පොලිස් අධිකාරිවරයාගේ පත්වීම නීති විරෝධීයි!

Admin

කනු මතින් ඉදිවෙන අතුරුගිරිය – නව කැළණි පාලම අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාතුව චයිනා හාබර් සමාගමට. අදායම් ඉපයීමටත් වසර 15 ක්.

colombotoday

“තෙල් නැව් හතක් එනවා…. මේ වෙලාවේ කවුරු හරි හොරකම් කරන එකෙක් ඉන්නවනම් ඌට වැහි නැති හෙණ ගහන්න ඕන.”

colombotoday

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපිත කිරීමේ පනත බලාත්මක වෙයි

colombotoday

අභිමානවත් 75 වැනි නිදහස් දින සැමරුම අද

Admin

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

colombotoday