ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, සේවක අර්ථසාධක අරමුදලට සහ භාරකාර අරමුදලට රුපියල් බිලියන 10ක් ණය වී ඇති බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි. මඩකලපුව – එරාවුර් ඩිපෝවේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ අවශ්‍ය ණය මුදල ගෙවීම සඳහා යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවයි. මෙරට සෑම ඩිපෝවක්ම ලාභදායක ලෙස පවත්වාගෙන ගියහොත් එම ණය මුදල් ගෙවා දැමිය හැකි බවද ඔහු කියා සිටියා.
previous post