Colombo Today Local News

රිය අනතුරකින් කාන්තාවක් මියයි

මිනුවන්ගොඩ, අඹගහවත්ත ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මිය ගොස් තිබේ.

කොටුගොඩ සිට මිනුවන්ගොඩ දෙසට ධාවනය වූ යතුරුපැදියක් එම දිශාවටම ගමන් කළ අත් ට්‍රැක්ටර් රථයක් ඉස්සර කිරීමට යාමේදී යතුරුපැදිය එහි ගැටී මාර්ගයේ පෙරළී ගොස් බවුසර් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකාරිය සහ පසුපැදිකාරිය ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පැදිකාරිය මිය ගොස් තිබේ.

මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ, මාතම්මන ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි කාන්තාවකි.

අනතුර සම්බන්ධයෙන් බවුසර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Related posts

අගමැති ප්‍රධානත්වයෙන් එජාප මන්ත්‍රී කණ්ඩායම රැස්වෙයි.. පසුපෙළ මන්ත්‍රීන් 20ක් රැස්වීම වර්ජනය කරයි

colombotoday

ජනපතිගේ එක වැඩක් සාර්ථක වෙයි !

colombotoday

සැමන් කනවානම් ප්‍රවේශමෙන්.. අලුත්ම ජාවාරමක් ගැන තොරතුරු හෙළිවෙයි

colombotoday

වීරත්වයට නිගරු කළ මිනිසුන්ට පාඩමක්‌ කියාදුන් රටක්‌ සුවපත් කළ මනුෂ්‍යත්වයේ මෙහෙයුම

colombotoday

20 සංශෝධනය ගවුම් ඇඳන් විපක්ෂයට මඩ ගහන ඉරාජ් වීරරත්න ලියපු එකක් වගේ

colombotoday

මගේ OIC පත් කලේ නෑ. පොලීසිය දේශපාලනීකරණය කරන්න බෑ. – ජනපති ඉදිරියේ දී ඇමති වීරසේකර සමග ගැටුණු ඇමති

colombotoday