Colombo Today Local News

රාජිත, චම්පික සජිත් හමුවෙයි… සහයදීමට එකගයි !

අමාත්‍ය සජිත් ප්‍රේමදාස සිය ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික රණවක යන අමාත්‍යවරුන් හමුවී ඇති අතර එම සාකච්ඡාව අගෝස්තු 12 වැනිදා කොළඹ ස්ථාන දෙකකදී පවත්වා ඇතැයි සතිඅන්ත ‘අනිද්දා’ පුවත්පත වාර්තා කර තිබේ.

එම පුවත් වාර්තාවට අනුව, එම හමුවේදී අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රකාශ කර ඇත්තේ මුලින්ම සන්ධානය බිහිකර පසුව අපේක්ෂකයා තෝරා ගැනීම තමන් දරන ස්ථාවරය බවය. එක්සත් ජාතික පක්ෂය තුළ තිබෙන ගැටළු විසඳාගෙන සජිත් ප්‍රේමදාස, ඒ සඳහා ඉදිරිපත් වන්නේ නම් තමන්ට ඒ පිළිබඳව ගැටළුවක් නොමැති බවද ඔහු එහිදී සජිත් ප්‍රේමදාස වෙත ප්‍රකාශ කර ඇත.

කෙසේවෙතත් එජාපය ඉදිරි ජනාධිපතිවරණයට තනියෙන් ඉදිරිපත් වන්නට සැලසුම් කරන්නේ නම් ඒ පිළිබඳව ද තමන්ට ගැටළුවක් නොමැති බව චම්පික රණවක අමාත්‍යවරයා එහිදී සජිත් ප්‍රේමදාස වෙත පවසා ඇත.

රාජිත සේනාරත්න අමාත්‍යවරයා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගෙන් විමසා ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය සඳහා අවශ්‍ය සටන තනියෙන් කරන්නට තීරණය කර ඇතිද කියාය. ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා ටීඑන්ඒ සහ ජවිපෙ සහය ලබා ගැනීම අනිවාර්ය බව ප්‍රකාශ කර ඇති රාජිත සේනාරත්න ඒ සඳහා සූදානම් දැයි විමසා ඇත.

එහිදී රාජිත සේනාරත්න අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ මේ මොහොතේ එජාපය තුළ උද්ගතවී ඇති ගැටළු ඉක්මනින් විසඳාගත යුතු බවය.”

Related posts

බදියුදීන් පැය 6ක ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව CIDයෙන් පිටව යයි

colombotoday

බස් ගාස්තු සංශෝධනය වනතුරු පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වෙයි.

colombotoday

සාමාන්‍ය පෙළ අටළුගමදී. උසස් පෙළ හින්දු විද්‍යාලයේ. Esoft එකේ HND කරලා. | නවසීලන්ත ප්‍රහාරකයා ගැන සුවිශේෂී තොරතුරු මෙන්න

colombotoday

නැවත දැනුම්දෙනතුරු සියළුම අධ්‍යාපන චාරිකා අත්හිටුවයි !

colombotoday

අගරු චෙක්පත් නිකුත් කල ‘හාල් සමීර’ අත්අඩංගුවට

colombotoday

සාද් ශරාෆ් මස් වැද්දා දඩ කෙළියේ ලෝක උරුම වන බිමකයි.. වතගොත හෙළිවෙයි

colombotoday