Colombo Today Local News

රාජ්‍ය ලාංඡනය විතරක් මදි, උතුරු පළාත් සභාවේ වාහන වලට පළාත් ලාංඡනයත් ඉල්ලයි

CVK-Sivagnanam copy

උතුරු පළාත් සභාවේ අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු වල භාවිතා කරනු ලබන රජයේ වාහන වල උතුරු පළාත් සභාවේ ලාංඡනය ප්‍රදර්ශනය කළ යුතු බව උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ. ශිවඥානම් මහතා ප්‍රකාශ කර ඇත.

උතුරු පළාත් අමාත්‍යාංශ වලට අයත් දෙපාර්තමේන්තු සහ සභාවේ වාහන වල රාජ්‍ය ලාංඡනය පමණක් දැකගැනීමට ඇති බවත්, පළාත් සභාවේ ලාංඡනයද ප්‍රදර්ශනය කළ යුතු බවත් ඔහු ප්‍රකාශ කර ඇත. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ උතුරු පළාත් සභාවේ මාසික සභා වාරය කයිතඩි හි ඇති උතුරු පළාත් සභාවේ දී 2015.10.08 දින පැවැත්වූ අවස්ථාවේ දීය.

සෙසු පළාත් සභා අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තුවල භාවිතා කරන රජයේ වාහන වල රාජ්‍ය ලාංඡනය සහ දෙපාර්තමේන්තු, ආයතන ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කරන අතර පළාත් සභාවේ ලාංඡනය ප්‍රදර්ශනය කරන්නේ නැත.

Related posts

තවත් කහ කිලෝ 21,000ක් ගිනිතබා විනාශ කරයි

colombotoday

මන්කිපොක්ස් මෙරට ව්‍යාප්ත වීමේ අවදානමේදී WHO සහය

colombotoday

නත්තල සැමරීමට කාදිනල්ගෙන් විශේෂ උපදෙස්

colombotoday

ආණ්ඩුවේ සුළු පක්ෂ 12කින් යෝජනාවලියක්

colombotoday

දුම්රිය ධාවනය යලි යථා තත්ත්වයට

colombotoday

ත්‍රිකුණාමලය තෙල් ටැංකි කළමනාකරණය : ලංකා අයි.ඕ.සී සමාගමටත් කොටස්

colombotoday