Colombo Today Local News

රජෙක් වගේ සිටි ක්ලබ් වසන්තගේදේහය අස්සක සඟවයි

අතුරුගිරියේදී වෙඩි ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත්වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ දේහය බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවේම වෙනත් ස්ථානයක තැන්පත් කර තිබෙනවා.

අවසන් ගෞරව දැක්වීමට අද (12) පෙරවරු 8.30 සිට බොරැල්ලේ පිහිටි මල්ශාලාවේ ඒ මහතාගේ දේහය තබන බව දැනුම් දී තිබුණත් එසේ පැවසු ස්ථානයේ මේ වන තෙක් තැන්පත් කර නොමැති බව අප වාර්තාකරු පවසනවා.

එසේම මේ මොහොතේ එම ස්ථානයේ දොරවල් වසා දමා ඇති අතර එය දැකබලාගැනීමට කිසිවෙකුටත් අවස්ථාව ලබාදී නැති බවත් සඳහන් වනවා.

කෙසේනමුත් පෙරේදා රාත්‍රියේ විදෙස් රටක සිට ලැබුණු ඇමතුමකින් කරන ලද තර්ජන නිසා මේ මේ මොහොතේ දේහය තැන්පත් කර ඇති මල් ශාලාවේ එම ස්ථානය වටාත් දැඩි ආරක්ෂාවක් යොදවා තිබීම දැකගැනීමට හැකිවනවා.

එම ඇමතුමෙන් අනතුරු අඟවමින් පවසා තිබුණේ යම් අයුරකින් යළි ප්‍රහාරයක් එල්ලවිය හැකි බවටයි.

Related posts

අවුරුදු 10ක දරුවෙකු පණගැන්වූ යතුරුපැදියක ගැටී සිගිත්තියක් මරුට

colombotoday

ජවිපෙ අමුඩකාරයන් කොළඹ වෙළෙන්දන් මිස ගොවියන් නොවෙයි-රවී [Video]

colombotoday

ගෝඨාට එරෙහි සුකාගේ ඉල්ලීම ඉවතට !

colombotoday

මාවනැල්ල ප්‍රා ස සභාපති ධුරයෙන් පන්නයි

Admin

අන්තරේ උද්ඝෝෂණය අරඹයි

colombotoday

1959 දී මුහුදු මහා විහාරයේ අක්කර 75 ක පුරාවිද්‍යා නටබුන් තිබුනා. එල්ලාවල මේධානන්ද හිමි

colombotoday