Colombo Today Local NewsCovid 19

යාපනයේ තාවඩි ගම්මුන්ට නිවාස වලින් පිටතට යාම තහනම් කරති

යාපනය, උඩුවිල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ තාවඩි ගම්මානයේ ජනතාවට නැවත දැනුම් දෙනතුරු එම ගම්මානයෙන් පිටතටයාම හෝ නිවාසවලින් පිටතටයාම තහනම් කර ඇතැයි යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

යාපනයෙන් හමුවූ ප්‍රථම කොරෝනා වයිරසය ආසාදිත රෝගියා හමුවීමත් , පසුගියදා ස්විස්ටර්ලන්තයේ සිට පැමිණි දේවගැතිවරයා විසින් පැවැත්වූ දේවමෙහෙයට විශාල ප්‍රමාණයක් මෙම ගම්මානයෙන් සහභාගීවී සිටිම හේතුවෙන් මෙලෙස තාවඩි ගම්මානයේ ජනතාවට පිටවීම තහනම්කළ බවද සඳහන් කළේය.

නාවඩි ගම්මානය වෙත කිසිවෙකුට ඇතුළුවීම හෝ පිටවීම තහනම්කර ඇති අතර ඒ සඳහා යුද හමුදාව යොදවා ඇති අතර ගම්මානයේ මාර්ග සියල්ල වසා දමා යුද හමුදාව විසින් තාවකාලික ආරක්ෂක මුරකපොලු ඉදිකර ඇති බවද පැවසීය.

උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම් චාර්ල්ස් මහත්මිය හා යාපනය දිස්ත්‍රික් ලේකම් කනපතිපිල්ලේ මහේෂන් මහතා ඇතුළු ආරක්ෂක අංශ විසින් ජනතාවගේ ආරක්ෂාව හා රෝගය ව්‍යාප්තවීම අවමකිරීම සඳහා මෙම තීරණය ගෙන ඇතැයිද කීය.

කොරෝනා වයිරසය ආසාදනය වි ඇති බවට අනාවරණය වි එක් පුද්ගලයකු පමණක් යාපනය ශික්ෂණ රෝහලේ විශේෂ ප්‍රතිකර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් වෙනත් කිසිවෙකුට මෙම කාලසීමාව තුළ වයිරසය ආසාදනය ඇති බවට අනාවරණය නොවූ බව යාපනය රෝහල් අධ්‍යක්ෂක ටි.සත්‍යමූර්ති මහතා පැවසීය.

ස්විස්ටර්ලන්ත දේව ගැතිවරයා සමඟ සාකච්ජා කළ කොන්ත්‍රාත්කරුවෙකු වෙත පමණක් කොරෝනා ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇති පුද්ගලයකු පමණක් සිටින බවත් පෙබරවාරි 02 වැනිදා සිට මාර්තු 23 වැනිදා අතර කාලසීමාව තුළ පුද්ගලයින් 21 දෙනෙකු කොරෝනා වැළදි ඇති බවට සැක සහිතව රෝහලට ඇතුළත් කොට ඇති බවයි.

අදාළ පිරිස තුළින් පස් දෙනෙකු හැර අනෙකුත් පිරිස වෛද්‍ය පරීක්ෂණයන්ගෙන් අනතුරුව රෝහලෙන් පිටවගොස් ඇති අතර, පුද්ගලයින් පස් දෙනෙකු වැඩිදුර පරීක්ෂණ හා වෛද්‍ය ප්‍රතිකාර මත රෝහල තුළ සිටින බවත් ඔවුන්ට වෛරසය ආසාදනය නොවී ඇති බවද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

වසර 108කට පසු හෙන්රි පේද්‍රිස් ඝාතනය ගැන හොයන්න කමිටුවක්

Admin

රටම බලා සිටින පෙත්සම විභාගය ඇරඹෙයි…

colombotoday

“හමුදාව පැත්තකට වී සිටිය යුතුයි.. සිවිල් ජනතාව සමග එක්ව කටයුතු කරොත් ගැටළු ඇතිවෙයි” – විග්නේෂ්වරන්

colombotoday

යහපාලනය පිළිබඳ බෞද්ධ පරමාදර්ශ ලොවට උගන්වන්න ග්‍රන්ථයක්

colombotoday

එක්නැළිගොඩ අතුරුදන්වීම : අත්අඩංගුවට ගත් බුද්ධි අංශ නිලධාරියා රිමාන්ඩ්…

colombotoday

පුංචි ඡන්දෙ පැවැත්වෙන දිනය මාර්තු 03 වනදා ප්‍රකාශයට පත්කරයි

Admin