Colombo Today Local News

මේ ආණ්ඩුව යටතේ උතුරේ ජනතාව ඉන්නේ බියෙන් කොටි කාලේ අපි ආරක්ෂිතව ජීවත් වුණා.. නැවත LTTE පාලන ක‍්‍රමයක් ඕනේ- විජයකලා

යුද්ධය පැවති සමයේ කොටි සංවිධානය යටතේ උතුරේ ජනතාව ආරක්ෂිතව ජීවත් වූ බව හිටපු ඇමතිනි විජයකලා මහේෂ්වරන් සඳහන් කරයි.

එල්ටීටීඊ සමයේ පැවති පරිපාලන තත්වයක් නැවත එම පළාත්වලට අවශ්‍ය බව ද ඇය පවසයි.

එසේ කළහොත් දෙමළ ජනතාව ඔබ පසුපස එනු ඇති බවත් ජනාධිපතිට කියා සිටින බවද ඇය සදහන් කරයි.

නව ආණ්ඩුව යටතේ උතුරේ ජනතාව බියෙන් ජීවත්වන බවත් කොටි සංවිධානය යටතේ එවන් බයක් නොතිබූ බවත් ඇය පෙන්වා දෙයි.

උතුරේ ජනතාවට ෆෙඩරල් ක්‍රමයට බලය ලබාදිය යුතු බවත් ඉඩම් පොලිස් බලතල ඒ පළාත් වලට නිදහසේ ලබාදිය යුතු බවත් ඇය කියා සිටී.

ඇය මේ බව කියා සිටියේ දෙමළ රූපවාහිනි නාලිකාව සමඟ අදහස් පළ කරමිනි.

Related posts

ශ්‍රී ලංකාවේ පීචංම අගමැති රනිල් – ඩිලාන් පෙරේරා

colombotoday

කොල්ලුපිටියේ දී දුම්රියක් පීලිපනී.. මුහුදු බඩ දුම්රිය මාර්ගයේ කටයුතුවලට බාධා

colombotoday

යුධ අපරාධ පරික්ෂණ කල් දමන්නේ අපරාධ කරුවන්ට පැන යාමටයි – විග්නේශ්වරන්

colombotoday

ශ්‍රී ලංකාව නොර්වේ සංචාරකයින්ට පනවා තිබූ තහනම ඉවතට

colombotoday

ගෝලීය වසංගතයයෙන් රට මුදවා ගැනීම සදහා දේශපාලන බේදයකින් තොරව සියලුම දෙනා එකතුවෙමු!

colombotoday

රත්‍රං තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් කටුනායකදී අල්ලයි

Admin