Colombo Today Local News

මුහුණු පොතට ඩොලර් බිලියන 5 ක දඩයක්

අමෙරිකානු නියාමන ආයතනය විසින් ෆේස්බුක් ආයතනයට ඩොලර් බිලියන 5 ක දඩයක් නියම කිරීමට තීරණය කර තිබෙනවා.

ෆේස්බුක් ග්‍රාහකයන් මිලියන 87 කගේ තොරතුරු දේශපාලන ප්‍රචාර ආයතනයකට ලබාදීම සම්බන්ධයෙන් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

අමෙරිකානු මධ්‍යම වෙළඳ කොමිසම මගින් ෆේස්බුක් ආයතනය සිය ග්‍රාහක තොරතුරු කේම්බි්‍රජ් ඇනලිටිකා ආයතනය වෙත ලබාදීම සම්බන්ධයෙන් පසුගිය වසරේ මාර්තු මාසයේදී පරීක්ෂණයක් ආරම්භ කළා.

එහි ප්‍රතිඵලයක් වශයෙනුයි අදාළ දඩය නියම කර ඇත්තේ.

ඒ සඳහා සමාන දේශපාලන නියෝජනයක් සහිත මධ්‍යම වෙළඳ කොමිසම 3 ට දෙකක් ලෙස සිය කැමැත්ත පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

වැඩි ගාස්තු අය කරන අර්ධ සුඛෝපභෝගී බස් දෙසැම්බර් 31 දා සිට ඉවතට

colombotoday

ඤාණසාර හිමි සිරගත කිරීම පිටුපස රටේ ප්‍රධාන පක්ෂයක නායකයෙක් සහ ඇමතිලා දෙදෙනෙක්

colombotoday

ගිනි අවි සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

” බාල තෙල් ආනයනය කරන්නේ නැහැ..” තෙල් සංස්ථාව චෝදනාව ප්‍රතික්ෂේප කරයි.

colombotoday

විනෝද චාරිකාවක් යන්න ගිය තරුණයෝ දෙකක් දුම්රියේ ගැටී අවසන් ගමන් යයි

Admin

මත් ජාවාරම්කරුවන් එල්ලන දිනය තීන්දුයි – ජනපති

colombotoday