Colombo Today Local News

මුස්ලිම් මන්ත‍්‍රීවරුන් ආණ්ඩුවට පනින එක පුරුද්දක්. ඊට මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයන්ද බල කරනවා.. අපිට ඒක නවත්වන්න බෑ.. – කිරිඇල්ල

සමහර මුස්ලිම් දේශපාලකයන් දේශපාලන ව්‍යාපාරයක් කරගෙන ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

එම දේශපාලකයන් හැමවිටම පවතින ආණ්ඩුවට සම්බන්ධ වීම පුරුද්දක් කරගෙන ඇතැයිද ඔහු කියා සිටියි.

1989 වසරේ සිටම ඔවුන් කුමන පක්ෂයකින් මැතිවරණයට තරග කළ ද ආණ්ඩුව නියෝජනය කළ බවද කිරිඇල්ල මහතා සඳහන් කරයි.

පවතින ආණ්ඩුවට එක් වීම සඳහා එම මුස්ලිම් ජාතික මන්ත්‍රීවරුට මැතිවරණය සඳහා මුදල් වියදම් කරන මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයන්ද බල කරන බවද ඔහු කියා සිටියේය.

එනිසා සමගි ජන බලවේගය සමග සිටින මුස්ලිම් ජාතික මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්වීමට තීරණයක් ගතහොත් තමන්ට කළ හැක්කේ එසේ නොකරන ලෙස ඉල්ලා සිටීම පමණක් බවත් එසේ හැර අන් කිසිවක් කිරීමට තමාට නොහැකි බවත් ඔහු කියා සිටියේය.

අන්තර්ජාල නාලිකාවක් සමග ඔහු මෙම අදහස් පල කරන ලදී.

Related posts

ඩලස්ගෙන් ජනපතිට ලිපියක්

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ලංකාවට එවු කෝටි 60ක බඩු මුහුදේදී ගිනි අරන්

colombotoday

නිධන් සොයා කැණීමක් කල 5ක් අත්අඩංගුවේ

Admin

මෛත්‍රී යටතේ අලුත් සන්ධානයක් ! රටට ආදරේ අය එකතු වෙන්න. බැරි අය පැත්තකට වෙන්න

colombotoday

සකල දේශවාසී සහෘද ඔබ සැමට සතුට සෞභාග්‍ය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා !

colombotoday

දුම්රිය අංගනවල ඇති පරණ යකඩ ටෙන්ඩර් ක්‍රමයට විකුණන්න උපදෙස්

colombotoday