Colombo Today Local News

මුලතිව් ගුරුකන්ද විහාරය වසර 2000 කට වඩා පැරණි බෞද්ධ නටබුන් සහිත භූමියක් – පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් උසාවියේදී කියයි

මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරය පිහිටා ඇත්තේ වසර 2000 කට වඩා පැරණි සංඝාරාමයක් පැවති සහ තවමත් ශේෂව ඇති බෞද්ධ නටබුන්වලින් ගහන පුරාවිද්‍යා භූමියක බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ඒ. බී. මණ්ඩාවල මහතා මුලතිව් මහෙස්ත‍්‍රාත් අධිකරණයේදී ඊයේ (12 දා) ප‍්‍රකාශ කළේය.

ගුරුකන්ද විහාරය පිහිටා ඇත්තේ හින්දු බැතිමතුන්ට අයත් භූමියක බව පවසමින් පසුගිය තෛපොංගල් දිනයේදී උතුරු පළාතේ දේශපාලනඥයන් ඇතුළු 200 ක පමණ පිරිසක් එහි කෝවිලක් ඉදිකිරීම සඳහා කැණීම් ආරම්භ කළහ.

එහිදී එම පිරිස සහ විහාරාධිපති හිමියන් ඇතුළු දායක සභාව අතර ගැටුමක් ඇති වූ අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස මුලතිව් පොලිසිය විසින් මහජන සාමය කඩ කිරීමේ චෝදනාව මත පාර්ශ්ව දෙකටම එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.

පසුගිය නඩු දිනයේදී සිදු කළ නියෝගයකට අනුව ඊයේ (12 දා) අධිකරණය හමුවේ පෙනී සිටි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ගුරුකන්ද විහාරය ඉපැරණි බෞද්ධ පූජනීය ස්ථානයක් සහ පුරාවිද්‍යා භූමියක් බව පැවසූ අතර එහි කෝවිලක් ඉදිකිරීම පිණිස කැණීම් කටයුතු සිදු කිරීම නීති විරෝධී කි‍්‍රයාවක් බව ද ප‍්‍රකාශ කළේය.

මෙහිදී ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති හැළඹ මේධාලංකාරකිත්ති හිමියන් ප‍්‍රමුඛ දායක සභාව වෙනුවෙන් නීතිඥ රෝහණ තල්පාවල මහතා පෙනී සිටි අතර, මෙම මස 26 වන දින නඩුවට අදාළ නියෝගය ලබා දෙන බව මුලතිව් මහෙස්ත‍්‍රාත් එස්. ලෙනින් කුමාර් මහතා ප‍්‍රකාශ කළේය.

Related posts

අත්අඩංගුවේ සිටින රණවිරුවන් නිදහස් කරන්නැයි ඉල්ලා ආබාධිත සෙබළෙක් උපවාසයක

colombotoday

වසර පහාමාරකට පසු ලසන්ත වික්‍රමතුංග අද ගොඩ ගනී

colombotoday

පොහොට්ටුවෙන් ජනපතිවරණයට ඉදිරිපත් වෙන්නේ මමයි

Admin

ජනපති මෛත්‍රීගෙන් මහින්දට ලොකු පුටුවක් !

colombotoday

රාගම වෛද්‍ය පීඨයේ IVF ප්‍රතිකාරය සාර්ථකයි

Admin

උඩරට දුම්රිය මාර්ගයේ අවහිරතා අවසන්

Admin